×

චීනය නව ගුවන්යානා නෞකාව ”ෆූජියන්” දියත් කරයි

චීනය විසින් ඊයේ දින (17) 'ෆුජියන්' නමින් තුන්වන, වඩාත්ම දියුණු ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර තිබේ.


මෙය Shanghai හි Jiangnan නැව් තටාකයෙන් නව දියත්කිරීමේ පද්ධතියක් ද සමඟ දියත් කෙරිණි. මෙය චීනය විසින් නිර්මාණය කරන ලද ප්‍රථම කැටපෝල්ට් ගුවන් යානා ප්‍රවාහන නෞකාව බව රාජ්‍ය පුවත් ඒජන්සිය විසින් වාර්තා කොට තිබේ.

චීනය ෆූජීන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව විශාල බලාපොරොත්තු තබා ඇති අතර ලෝකයේම අවධානය මේ කෙරේ ලබා ගැනීමටද සමත්ව ඇත. ෆූජීයන් ජංගම ගුවන් කඳවුරක් වන අතර, ගුවන් යානා සහ ආයුධ ඉක්මනින්, දිගු කාලීනව රැස් කිරීමට හා ප්‍රවාහණයට ඉඩ සලසයි. එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා භාවිතා කරන ආකාරයටම මෙම නව ක්‍රමය මගින් චීනයට ෆුජියන් නෞකාවේ සිට වේගවත් හා වැඩි පතොරම් සහිත ගුවන් යානා රාශියක් දියත් කිරීමට ඉඩ සැලසේ. ෆුජියන් අවහිර කිරීමේ උපාංගවලින් සමන්විත වන අතර ටොන් 80,000 කට වඩා වැඩි සම්පූර්ණ බරක් දැරිය හැකි වේ. මෙය “නවීන ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වෙත වන ප්‍රථම පිවිසුම මෙය බවත් මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවත් ෆූජියන් ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සගයෙකු වන මැතිව් ෆුනයියෝල් ප්‍රකාශ කර තිබේ.

චීනය සිය ගුවන් යානා නෞකාවන් නම් කරන්නේ ඒවා ස්ථානගත කර ඇති වෙරළබඩ පළාත් අනුවය. ලියාඕනිං, ෂැන්ඩොං, ෆුජියන් ඉන් කිහිපයකි. චීනයේ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Liaoning යනු 1998 දී යුක්රේනයෙන් මිලදී ගත්තකි. චීන හමුදාව එම යාත්‍රාවෙන් ලබාගත් තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින් 2019 දෙසැම්බර් මාසයේදී සේවයට ඇතුළත් වූ සිය පළමු දේශීයව ඉදිකරන ලද ෂැන්ඩොං නෞකාව නිෂ්පාදනය කළේය. චීනයේ ආරම්භක ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙක එහි නාවික බලය වැඩි කළද, ඔවුන්ගේ හැකියාව තවමත් එක්සත් ජනපදයට වඩා බොහෝ පිටුපසින් පැවති අතර, එහි මුළු යාත්‍රා 11ක් සේවයේ පවතී. මෙම නවුකා දෙකම යල් පැන ගිය සෝවියට් තාක්ෂණය මත නිම කර ඇත. ෆූජියන් මේ සියල්ලට වඩා තාක්ෂණයේ ඉදිරි පිම්මකි.

එක්සත් ජනපදය යටතේ බීජිං හි වැඩෙන ආර්ථික බලපෑමට සහ මිලිටරි ශක්තියට එරෙහිව ආසියා-පැසිෆික් කලාපයේ හවුල්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කරයි, 2021 වසරේදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව අතර AUKUS නමින් ආරක්ෂක ගිවිසුමකට එකඟ විය. මෙමගින් ජාතීන් තුන ආසියාවේ සමීප ආරක්ෂක හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා හමුදා තොරතුරු සහ තාක්ෂණය හුවමාරු කර ගනු ලැබේ. මෙම සන්ධානය චීනය නොසන්සුන් කර ඇත. මේ හේතූන් නිසා ඔවුන්ගේ සුරක්ෂිතතාවන් ඇතිකර ගැනීමට යනු ලැබූ වැදගත් පියවරක් ලෙස ෆූජිටන් ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි