×

චීනය, මාධ්‍ය සඳහා වන ප්‍රවේශය වාරණය කරයි

චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ රටතුල පවතින තත්වය යම් දුරකට පාලනය කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබූ බවයි.


චීනය විසින් චීන නොවන ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය යෙදුම් වෙත ප්‍රවේශ වීම හදිසියේ වාරණය කර ඇත.

එයට ප්‍රධාන හේතුව වී තිබුණේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් මහජන කලකිරීමක් ඇතිවීම හා ඒ හරහා පෙර නොවූ විරූ විරෝධතාවයන් චීනයේ ඇතිවීමත්, විරෝධතාකරුවන් ෂී ජින්පින්ගේ පාලනය පවා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත්ය.

චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ රටතුල පවතින තත්වය යම් දුරකට පාලනය කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබූ බවයි.


මෙලෙස නිදහස් මහජන වේදිකාවන් වාරණය කිරීමට සමගාමීව මහජනතාව VPNs සහ Firewall-circumventing router වැනි අන්තර්ජාල සීමා කිරීම් මග හැරීම සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ යෙදුම් භාවිතා කිරීම මඟින් වාරණය කර ඇති ප්‍රවෘත්ති වෙත ප්‍රවේශ වන බව වාර්තා වේ.


අද දිනයේ චීනයේ නිල රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනයක් වන ෂින්හුවා හි විවරණ මගින් වෙස්මුහුණු පැළඳීම, අත් සේදීම, වාතාශ්‍රය සහ රැස්වීම් අඩු කිරීම සම්බන්ධයෙන් වැඩි පුද්ගල වගකීමක් ඉල්ලා සිටියේය. අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සහ ඉලක්කගත අගුලු දැමීම් නැවත විවෘත කිරීමේදී පළාත් පාලන ආයතන වේගවත් විය යුතු බව ද අවධාරණය කර තිබිණ.

පසුගිය දා චීනයේ හිටපු ජනාධිපති ජියැං සෙමින්ගේ මරණයත් සමඟ ඔහුගේ පාලන කාලය හා ෂී ජින්පින්ගේ පාලන කාලය සමඟ එකිනෙක සැසඳීමට තරුණ ප්‍රජාව මේ වන විට පෙළඹ තිබේ.

ඒ අනුව ජියැං සෙමින් චීනයේ ආර්ථිකය වර්ධනය කර, වැඩි ජාත්‍යන්තර සහභාගීත්වයක් කරා ගෙන ගියේය. ඔහු වඩාත් බාහිරව ප්‍රකාශනශීලී වූ අතර මාධ්‍ය සමඟ සහභාගශීලී විය. නුම්ත් ෂී ජින්පින්ගේ කාලය සමඟ සැසදීමේදී ගේ ෂී වැඩි වැඩියෙන් අධිකාරීවාදී සහ ගෝලීය වශයෙන් හුදකලා වූ පාලනය යටතේ මානවීය ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් බිඳ දමමින් ඇත. ඒ අනුව මේ වන විට සමාජ මාධ්‍ය තුළ ෂිට වඩා ජියැං වඩාත් ප්‍රගතශීලී නායකයෙකු බවට පත්ව තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි