×

චීන එන්නතේ අරමුණු දුප්පත් රටවල් බිළි බා ගැනීමද ?

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය මේ වනවිට ප්‍රතිශක්තීකරණ එන්නත් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒවා තවමත් භාවිතයට ගෙන නොමැති වුවත් මේ වනවිටත් රටවල් කිහිපයක් චීන එන්නත් ලක්ෂ ගණනින් ඇනවුම් කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර චීන ජනාධිපති ෂී ජින් පිං නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ චීනය විසින් හඳුන්වා දෙන එන්නත මගින් ගෝලීය මහජන යහපතක් සිදුවනු ඇති බවයි.

චීනය විසින් මෙම එන්නත් පරීක්ෂා කිරීම සඳහා රටවල් කිහිපයකම සහාය ලබාගෙන තිබෙනවා. චීන ජාතික බයෝටෙක් සමාගම විසින් ආර්ජන්ටිනා, බහරේන්, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පකිස්තානය, පේරු, මොරොක්කෝව යන රටවල් සමග එක්ව එන්නත් දෙකක් පරීක්ෂා කරමින් සිටී. තවත් එන්නතක් පරීක්ෂා කිරීම සඳහා බ්‍රසීලය, චිලී, ඉන්දුනීසියාව, තුර්කිය යන රටවල් සම්බන්ධ කරගෙන තිබේ.

චීනය ලහිලහියේ මේ පරීක්ෂණ සිදු කරන්නේ හැකි ඉක්මනින් එන්නතක් නිෂ්පාදනය කොට ඉතා අඩු මුදලකට පරිධියේ රටවල්වලට අලෙවි කිරීමටයි. මෙය චීන අධිරාජ්‍යවාදයේ නවතම මුහුණුවර බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. එක් පැත්තකින් දුප්පත් රටවලට එන්නත අලෙවි කිරීම හා අනෙක් පැත්තෙන් එම රටවලට එන්නත මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් චීන ණය හරහාම සැපයීම මගින් එම රටවලට ආර්ථික හා දේශපාලනය මැදිහත්වීම් සිදුවනු ඇති බවයි එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

චීනයේ සිට ලෝකය පුරාම ව්‍යාප්ත වූ කොවිඩ් 19 වෛරසය පිළිබඳව මුල් අවස්ථාවේදී කරුණු වසන් කළ බවට චීනයට චෝදනා එල්ල වූ අතර වෛරසය පිළිබඳව මුලින්ම කරුණු හෙළිකළ වී වෙන්ලියන්ග් වැනි වෛද්‍යවරුන් නිහඬ කිරීමට චීන බළධාරීන් ගත් උත්සාහය සම්බන්ධයෙන් චීනයට බරපතල විවේචන එල්ල විය.

වෛරසය ව්‍යාප්ත වී වසරක් ගත වී ඇති නමුත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය විශේෂඥයන් කණ්ඩායමක් චීනයේ වූහාන් වෙත පිටත් කර යැවීමට නොහැකි වී තිබෙනවා. ඒ චීනයෙන් ඒ සඳහා අවශ්‍ය අවසරය නොලැබීම හේතුවෙනි.

මෙම තත්වය මත චීනය තමන් වෙත එකතු වූ කලු පැල්ලම් සෝදා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දීමට උත්සාහ කරන බවටද විශ්ලේෂකයන් පවසනවා. කෙසේ වුවද එය අවසානයේදී චීන අධිරාජ්‍යවාදයේ එක් මෙවලමක් පමණක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

UN | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි