×

චෙක් ජනරජය රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 18 ක් නෙරපා දමයි – රටින් පිටව යාමට දින 03 ක කාලයක් !

චෙක් ජනරජයේ සේවය කළ රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් නෙරපා හැරීමට චෙක් ජනරජය තීරණය කර තිබෙනවා.


රාජ්‍යතාන්ත්‍රිකයන් 18 දෙනෙකු මෙසේ නෙරපා දමා ඇති අතර ඔවුන් චෙක් ජනරජයෙන් පිටුවහල් කිරීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල නිළධාරීන් පිරිසට රුසියාව වෙත යාම සඳහා දින 03 ක කාලයක් ලබා දී තිබේ.

2014 වසරේ චෙක් ජනරජයේ අවි ගබඩාවක සිදු වූ පිපිරීමක් පිටුපස රුසියානු බුද්ධි අංශ සිටින බවට චෙක් බළධාරීන් චෝදනා කරනවා.

අදාල බුද්ධි අංශ නිළධාරීන් රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස චෙක් ජනරජයේ සේවය කරමින් අදාල පිපිරීම සැළසුම් කර ඇති බවයි චෙක් බළධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස නෙරපා දමා තිබෙන්නේ අදාල සිදුවීමට සම්බන්ධ බව පවසමිනි.

මේ අතර මෙම නෙරපා හැරීමට ප්‍රතිචාර දක්වමින් රුසියානු බළධාරීන්ද එරට සිටින චෙක් රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් 20 දෙනෙකු නෙරපා හැර රටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන්ට රුසියාවෙන් පිටවීම සඳහා පැය 24 ක කාලයක් ලබා දී තිබේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි