×

චොක්ලට් දිය වීම නිසා පාරක් වැසේ

ටොන් 1 ක චොක්ලට් තොගයක් දිය වී වැගිරීම නිසා ජර්මනියේ පාරක් වසා දැමීමට සිදු වූ පුවතක් වාර්තා වේ.


මෙය සිදුවී තිබෙන්නේ ජර්මනියේ වෙස්ටෝනෙන් හි චොක්ලට් කර්මාන්තශාලාවක චොක්ලට් ගබඩා කර තිබූ ටැංකියකින් එම චොක්ලට් උතුරා ගලා යාම නිසා ය.

පරිසරයේ උෂ්ණත්වය හිම මිදෙන ශීතලකින් යුතු වූ නිසා පසුව එ්වා ඉක්මනින්ම ගල් වී තිබේ.

අවසානයේ ගිනි නිවන භටයන් 25 දෙනෙක් සවල යොදාගනිමින් ඒවා ඉවත් කරන ආකාරය දැකගත හැකි විය. උණු ජලය ද ඒවා දියකිරීම සඳහා යොදාගැනීමට සිදුවිය.

මහා මාර්ගයෙන් වර්ග අඩි 108 ක ප්‍රමාණයක් මේ චොක්ලට් ගංගාව විසින් අත්පත්කරගෙන තිබිණි.

Reuters

Reuters

මෙම ‘හදිසි චොක්ලට් තත්වය‘ පිළිබඳ අදහස් දක්වමින් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ‘චොක්ලට් නැති නත්තලක්‘ පිළිබඳ අවදානමක් ද ජර්මනියේ වෙස්ටෝනෙන් පළාත වෙත ඇතිවිය හැකි බවයි.

කෙසේ නමුත් චොක්ලට් කම්හලේ කටයුතු මේ වන විට නැවත නිසි පරිදි සිදුවෙමින් පවතියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි