×

චොක්ලට් රස රහස්

ඈත අතීතයේ සිටම බාල මහලු කොයි කවුරු අතරත් ජනප්‍රිය රස කෑමක් ලෙස චොක්ලට් හැදින්විය හැකිය.ේ චොක්ලට් පිලිබද දත් නොදත් කතන්දර කිහිපයක් පහත වේ


ඈත අතීතයේ සිටම බාල මහලු කොයි කවුරු අතරත් ජනප්‍රිය රස කෑමක් ලෙස චොක්ලට් හැදින්විය හැකිය.ේ චොක්ලට් පිලිබද දත් නොදත් කතන්දර කිහිපයක් පහත වේ.

1.Theobroma cacao යනු කොකෝවා ශාකයේ විද්‍යාත්මක නාමයයි. එහි ලතින් අර්ථය නම් “දෙවියන්ගේ ආහාරය යන්නයි”   

චොක්ලට් ඇතම් විට දිව්‍යමය රසයක් ගෙන දෙන ආහාරයක්, මෙසේ සිතූ ස්වීඩන් ජාතික උද්භිත විද්‍යාඥයෙකු වන කාල් ලිනේයස් Theobroma cacao විද්‍යාත්මක නාමය චොක්ලට් නිර්මාණය කරන කොකෝවා ගසට තබන ලදී. Theobroma යනු දෙවියන්ගේ ආහාරය යන්නයි cacao පැමිණෙන්නේ නහුල්ට් බසෙහි xocolatl යන වචනය ඇසුරිනි. (xococ යනු තිත්ත රස යන්න වන අතර atl යනු ජලය යන්නයි )

2.මායාවරුන් හා ඇස්ටෙක්ස්වරුන් කොකෝවා ශාකයේ  වගාකරුවන් වූ අතර කොකෝවා ඇට එකල විනිමය ඒකකයක් ලෙස භාවිතා කෙරුණි.

3.චොක්ලට් එකක දවටනේ සදහන් ප්‍රතිශතයේ දැක්වෙන්නේ එහි අඩංගු වී ඇති කොකෝවා ප්‍රමාණයයි.

සාමාන්‍යයෙන් ඩාක් චොක්ලට් එකක අන් චොක්ලට් වලට වඩා වැඩි කොකෝවා ප්‍රතිශතයක් අඩංගු වේ. කොකෝවා වලට අමතරව සීනි, කිරි, වැනිලා, වෙනත් රසකාරක වැනි බොහෝමයක් දේ චොක්ලට් එකක් තුළ අන්තරගතය.

4.ඇමරිකාවේ වැඩිම චොක්ලට් අලෙවියක් සිදුවන උත්සව සමයන් වන්නේ නත්තල, පාස්කු උත්සවය හා ආදරවන්තයන්ගේ දින සැමරුමයි.

ඇමරිකානු ආර්ථිකයෙන් ඩොලර් බිලියන 22ක් උපයාගනු ලබන්නේ චොක්ලට් වෙලදාමෙනි. තවද ඔවුන් සෑම උත්සව සමයකටම 24% දක්වා වට්ටම් චොක්ලට් සදහා ලබා දෙයි.

5.අවට ඇති වෙනත් ආහාර වල රස ගැනීමේ හැකියාවක් චොක්ලට් සතුය.

“චොක්ලට් ස්පොන්ජ් එකක් බදුය, අවට ඇති ඕනෑම දෙයක් උරා ගැනීමේ හකියාව චොක්ලට් සතුය” ඩෙඈන් වලීන් එක්තරා චොක්ලට් නිෂ්පාදකයකු කියාසිටියේය. ඔහු තව දුරටත් කියා සිටියේ “ඔබගේ අත් බෑගයේ පෙපර්මින්ට් තිබේනම්, මින්ට් චොක්ලට් ඔබ සතුය, ඔබ චීස් තබන ශීතකරනේ කිසිදු ඇසුරුමක් නොමැතිව චොක්ලට් තබුවොත් චීස් රසැති චොක්ලට් ඔබට හිමි වේ”

6.චොක්ලට් වල ද්‍රවාංකය මිනිස් ශරීර උෂ්ණත්වයට වඩා පහල අගයක් ගනියි.

සාමාන්‍ය චොක්ලට් එකක් ෆැරන්හයිට් 86-90 අතර උෂ්ණත්වයේදී ද්‍රව බවට හැරීම ආරම්භ වේ. එදින් චොක්ලට්  පෙත්තක් මුව තුළට ඔබාගත් වනම දියවීම පුදුමයක් නොවේ.

7.ඇමරිකානුවන්ගේ ප්‍රියතම චොක්ලට් වර්ග වන්නේ ස්නීකර්ස්, රීස්’ස් පීනට් බටර් කප්ස් හා කිට්කැට් යSnickers, Reese’s Peanut Butter Cups, and Kit Kat.

ඇමරිකානුවන් මිලියන 45.37ක් 2018 වසරේදී ස්නීකර්ස් චොක්ලට් වරගය භාවිතාකර ඇති අතර එය වැඩියෙන් ම ප්‍රිභෝජනය වන ආහාරයයි. මිලියන 45.26ක්‍ රීස්’ස් ද මිලියන 42.97ක් කිට්කැට්ද භාවිතා කර ඇත.

චොක්ලට් එතරම්ම රසවත් පුදුම ආහාරයකි, නිවැරදි ප්‍රමිතියට පිලියෙල කරන්නාවූ චොක්ලට් ඉතා රසවත් මෙන්ම ගුණදායක හා ශක්තිජනක ආහාරායකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි