×

‘‘ජනාධිපතිවරණය අද‘‘ – ‘Election Day is Today’ : ට්‍රම්ප්ගේ ඇඩ්, ෆේස්බුක් විසින් ගළවයි!

BBC Reality Check Anti-disinformation unit විසින් පළකළ Facebook removes Trump's ‘Election Day is Today’ ads ඇසුරෙනි.


ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන නොවැම්බර් 3 වැනිදාට සතියකට පෙර සිට, කිසිදු අලුත් මැතිවරණ ප්‍රචාරණ දැන්වීමක් ෆේස්බුක් හි පළ කිරීම තහනම් බව කියමින් ෆේස්බුක් සමාගම නව නීති ගෙනැවිත් තිබිණි.

ඒ අනුව කිසියම් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර කිසියම් ප්‍රචාරණ දැන්වීමක් පළ කිරීමට සමත් වූයේ නම් මුදල් ගෙවා පළ කරන එම දැන්වීම දිගින් දිගටම පළ කිරීමට නියමිත ව තිබූ නමුත්, ඊයේ මධ්‍යම රාත්‍රිය පසු වූ පසුව පළ කරන දැන්වීම් ෆේස්බුක් සමාගම විසින් අවහිර කර දැමීම හෙවත් බ්ලොක් කර දැමීම සිදුකරනු ලැබිණි.

මෙය කිසිසේත්ම ට්‍රම්ප් පාර්ශවය බලාපොරොත්තු වූවක් නොවේ. එහි ප්‍රතිඵලය වූයේ ඊයේ මධ්‍යම රාත්‍රියට ප්‍රථම ට්‍රම්ප් ප්‍රචාරණයේ දැන්වීම් කිහිපයක්ම අවහිර කිරීමයි. මේවා ඇමරිකානු ජනාධිපතිවරණයේ බැට්ල්ග්‍රවුන්ඩ්ස් හෙවත් තීරණාත්මක ජනපද ලෙස සැලකෙන ෆ්ලොරිඩා සහ ඇරිසෝනා ජනපද ම ඉලක්ක කරගෙන සිදුකළ ඒවා විය. කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ ට්‍රම්ප් කඳවුර විසින් පළ කළ මෙම දැන්වීම්වල තිබෙන්නේ ‘ඡන්ද දිනය අදයි‘ “Election Day Is Today” යන්න සඳහන් දැන්වීම් බව ය. නොවැම්බර් 3 වැනිදා හෙවත් ඡන්ද දිනයට සතියකට පෙර දක්නට ලැබුණු මෙම දැන්වීම්වලින් පෙනී යන්නේ, නොවැම්බර් 3 වැනිදාට ට්‍රම්ප් කොතරම් විශාල මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට සිතා සිටියේද යන්නයි. ඒ දැන්වීම්වලින් පලක් නොවන බව ෆේස්බුක් අලුත් රීතියෙන් දැනගත් පසුව ඔවුන් කලබල වී ඒවා ඊයේම පළ කර තිබේ. නමුත් මෙහි වැදගත්ම කාරණයක් වූයේ ෆේස්බුක් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර පළ කළ මේ දැන්වීම් බ්ලොක් කර දැමුවේ ඒවා විසින් ‘ඡන්ද දිනය අදයි‘ යනුවෙන් වැරදි දිනයක් යොදා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීම නිසා බව ද අනාවරණය වේ.

 

අනෙක් අතට, මේ වන විටත් 2016 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත මුළු ඡන්දවලින් භාගයකටත් වඩා දැනටමත් ඡන්දය ප්‍රකාශ කර තිබේ. අර්ලි වෝටිං හෙවත් කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ මෙම ක්‍රමය නිසා, ට්‍රම්ප්ගේ දැන්වීම්වලට ෆේස්බුක් මගින් ඉඩ ලබාදුන්නා නම්, අද ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයන් ට එයින් බලපෑමක් සිදුවනු ඇත. ට්‍රම්ප්ලා ද මේවා පළ කරන්නට ඇත්තේ අර්ලි වෝටිං නිසාම බවට සැකයක් පවතියි.

ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල්වලට සෙනග රැස් කර ජනපද රැස්වීම් තැබීම මේ වන විට ට්‍රම්ප් අනුගමනය කරන උපායයි. මේ අනුව ඇරිසෝනා ජනපදයේ ඡන්ද දායකයන්ට ‘ඡන්ද දිනය අදයි‘ යනුවෙන් ෆේස්බුක් හරහා ප්‍රචාරණ කටයුතු කළ ට්‍රම්ප් ඊයේ ඇරිසෝනා ගුවන් තොටුපොළේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළුණු ආකාරය මේ සමග පළවන ඡායාරූපයෙන් දැක්වේ.

මේ අතර, මේ ඡන්ද ඇඩ් ෆේස්බුක් සමාගම විසින් අවහිර කිරීම ගැන ට්‍රම්ප් කඳවුර කර කියාගත හැකි දෙයක් නොමැති තැනට පත් ව තිබේ. ඔවුන් මෙය දකින්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධා කිරීමක් ලෙස ය.

‘‘මේක සිලිකන් වැලි මාෆියා එකේ වැඩක්.. මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදයට භයානක තත්වයක්..‘‘ යැයි ට්‍රම්ප්ගේ ජාතික මාධ්‍ය ලේකම් සමන්තා සගාර් කියා සිටියාය.

නමුත් මේ ෆේස්බුක් නව රීති දෙපාර්ශවයටම පොදු ය. ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් කඳවුර ට ද මැතිවරණ දිනය පිළිබඳ පෝස්ට්වලට ඉඩ නොදෙන බව ෆේස්බුක් විසින් දැනුම් දී තිබේ.

මේ අතර අවසාන පැයේදී ට්‍රම්ප්, බොරු ජයක් ගැන කියා ෆේස්බුක් හි ඇස් වසා දැන්වීමක් පළ කර ගැනීමට සමත් වී තිබේ. එහි සඳහන් වන්නේ ‘ජනපති ට්‍රම්ප් තවමත් ඔබේ ජනපති ය‘‘ “President Trump is STILL your president” යනුවෙනි.

BBC Reality Check Anti-disinformation unit විසින් පළකළ Facebook removes Trump’s ‘Election Day is Today’ ads ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි