×

ජපනුන්ගෙන් සියයට 70 කට ටෝකියො ඔලිම්පික් උළෙල එපාලු !

ජපානයේ ටෝකියෝ නගරයේ සත්කාරකත්වයෙන් පසුගිය වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදු වූ අතර එය මේ වසරේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.


දැනට සැළසුම් කර තිබෙන පරිද ජුලි 23 ආරම්භ වන ඔලිම්පික් උළෙල අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වේ.

කෙසේ නමුත් කොවිඩ් තෙවැනි රැල්ල ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බැවින් අදාල වකවානුවේදී ඔලිම්පික් උළෙල පැවැත්විය හැකි වේද යන්න සැක සහිතය.

මේ අතර සමීක්ෂණයකදී හෙලි වී තිබෙන්නේ ජපාන ජනතාවගෙන් 70% ඉක්මවන ප්‍රතිශතයක් ඔලිම්පික් උළෙල පැවැත්වීමට අකමැති බවයි. බොහෝදෙනා පවසන්නේ තරගාවලිය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් තවමත් එළඹ නොමැති බවයි.

කොවිඩ් තෙවැනි රැල්ල හේතුවෙන් ජපානයේ කලාප රැසක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ටෝකියෝ නගරයද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් තරගාවලිය යළිත් කල්දැමීම සඳහා මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැත.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි