×

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ඇඩ්‍රියන් වොට්සන් මේ තත්වය සම්බන්ධයෙන් හඳුන්වා තිබුණේ කලාපය අස්ථාවර කරන භයානක හා නොසැලකිලිමත් තීරණයක් වශයෙනි.


උතුරු කොරියාව විසින් අද දින (04) ජපානයට ඉහළින් බැලස්ටින් මිසයිලයක් එල්ල කළ බව වාර්තා වේ.

මෙම බැලස්ටික් මිසයිලය පැසිෆික් සාගරයට වැටීමට පෙර කිලෝමීටර් 4,500 (සැතපුම් 2,800) පමණ දුරක් ගමන් කර ඇතත විචාරකයන් පවසන්නේ ඇමරිකාවේ ගුවාම් දූපතට පහර දීමට සමත් දුරක් ගෙවූ බවයි. මෙය උතුරු කොරියානු මිසයිලයක් මෙතෙක් ගමන් කළ දීර්ඝතම දුර ප්‍රමාණය ආවරණය කර ඇති අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වඩා කිලෝමීටර 1000ක පමණ උසකට ළඟා වී ඇත.

උතුරු කොරියාව විසින් මෙම අත්හදාබැලීම කර තිබුණේ ජපානය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව සිය ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින අතරතුරය.

උතුරු කොරියාව විසින් 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් උතුරු කොරියානු මිසයිල දියත් කරන පළමු අවස්ථාව මෙය වේ. මෙය ජපානය පුරවැසියන්ට රැකවරණය සඳහා දුර්ලභ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමක් බඳුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට බැලස්ටික් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කර තිබුණද කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ උපදේශනයක් නොමැතිව වෙනත් රටවල් දෙසට හෝ ඊට ඉහළින් මිසයිල පියාසර කිරීම ද ජාත්‍යන්තර සම්මතයන්ට පටහැනි ය. එය ප්‍රහාරයක් ලෙස පහසුවෙන් වරදවා වටහා ගත හැකි වේ.

කෙසේ නමුත් Hokkaido දිවයින සහ Aomori නගරය ඇතුළු ජපානයේ උතුරු ප්‍රදේශයේ ජනතාවට ශබිධ විකාශන යන්ත්‍ර හරහා කෙටි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබිණි. මෙහිදී මිසයිලය හිසට ඉහළින් පියාසර කරන විට, වැටෙන සුන්බුන් ගැන සොයා බලන ලෙස ඔවුන්ට අනතුරු අඟවා ඇත.

ජපානයේ අගමැති ෆුමියෝ කිෂිදා මෙම මිසයිල දියත් කිරීම ප්‍රචණ්ඩ හැසිරීමක් ලෙස විස්තර කළ අතර, ආරක්ෂක අමාත්‍ය යසුකසු හමදා විසින් ප්‍රකාශ කර තිබුණෙ ජපානය ප්‍රතිප්‍රහාරක හැකියාවන් ඇතුළුව සිය ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට කිසිදු විකල්පයක් බැහැර නොකරන බවයි.

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට සූදානම් වන බවට නවතම බුද්ධි අංශ තොරතුරු අනාවරණය වන අතර එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ඇඩ්‍රියන් වොට්සන් මේ තත්වය සම්බන්ධයෙන් හඳුන්වා තිබුණේ කලාපය අස්ථාවර කරන භයානක හා නොසැලකිලිමත් තීරණයක් වශයෙනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි