×

ජපානයේ ඇල්සයිමර් රෝගියෙකු සිය මිණිබිරිය ඝාතනය කරයි. කිසිවක් මතක නෑ කියයි.

ඇල්සයිමර් රෝගය යනු මිනිස් මොළයේ කොටසක් පිරිහීමයි. මතක අසමත් වීමයි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. ඇල්සයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිටද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැත. මෙම රෝගය හඳුනා ගන්නා විට එය වැළඳී වසර ගණනාවක් ඉකිමවා ගොස් තිබිය හැක. මෙම රෝගය වැළඳුණු පුද්ගලයන් […]


ඇල්සයිමර් රෝගය යනු මිනිස් මොළයේ කොටසක් පිරිහීමයි. මතක අසමත් වීමයි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. ඇල්සයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිටද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැත. මෙම රෝගය හඳුනා ගන්නා විට එය වැළඳී වසර ගණනාවක් ඉකිමවා ගොස් තිබිය හැක. මෙම රෝගය වැළඳුණු පුද්ගලයන් අතර සිහිවිකල් වීම , කෝපය , චිත්ත ස්වභාවයේ සිදුවන වෙනස්වීම් , කථාකරන භාෂාවේ සිදුවන වෙනස්වීම් , දීර්ඝ කාලීන මතකය නොමැතිවීම සහ අවට සමාජයෙන් වෙන්වී සිටීම යන ලක්ෂණ බහුලව දක්නට ලැබේ.

මෙම රෝගයෙන් පීඩා විඳින 88 හැවිරිදි Susumu Tomizawaහට පසුගිය මාසයේ බටහිර ජපානයේ උසාවියකදී වසර හතර හමාරක සිර දඬුවම් නියම විය. ඒ සිය මිණිබිරිය වන 16 හැවිරිදි Tomomi නම් නව යොවුන් තරුණිය හට පිහියෙන් ඇණ ඝාතනය කිරීම හේතුවෙනි. මෙහිදී  ඔහුගේ නීතිඥයන් තර්ක කරනු ලැබුවේ මතක ශක්තිය නැතිවීම වැනි බහුවිධ සංජානන ඌනතාවයන් පෙළෙන තත්වයකට මෙහු මුහුණපා ඇති බැවින් ඔහු සාපරාධී වගකීමක් නොගත යුතු බවයි. නමුත් ඔහු ඇල්සයිමර් රෝගය හේතුවෙන් මෙන් ම අධික මත්පැන් පානය හේතුවෙන් උමතු වී සිටිනබව වෛද්‍ය වාර්තාවේ දක්නට ලැබේ.

පවුල් ආරවුලක් ලෙසින් ආරම්භ වී ජාතියක් කම්පනයට පත් කළ ඛේදවාචකය වෙනුවෙන් උසාවිය සානුකම්පිත නොවීය. වරදකරුවාට දඬුවම් නියම විය.
Susumu Tomizawaගේ මානසික තත්වය මෙම නඩු විභාගය තුළ ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ අතර අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සක Hiroki Nakagawa අධිකරණය වෙත පැවසූයේ ඔහුගේ ක්‍රියාවන් අරමුණු සහගතව ඝාතනය කිරීමේ චේතනාවට අනුකූල වූ බවයි. විත්තිකරු පිළිබඳ සුපරික්ෂාකාරී පරීක්ෂණයකින් හා උපදේශයකින් පසුව අධිකරණය විසින් මෙම නඩු තීන්දුව ලබා දුන් බව විනිසුරු Yoshinobu Kawamura ප්‍රකාශ කර තිබිණි.

ජපානයෙන් ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහනය වාර්තා වේ. රට කෙමෙන් වයස්ගත වෙමින් ඇත. එහි පදිංචිකරුවන්ගෙන් 20% අවුරුදු 65 සම්පූර්ණ කර ඇත .ඒ අනුව ජපානයේ මිලියන 4.6 කට වැඩි පිරිසක් එම තත්ත්වය සමඟ ජීවත් වන බව විශ්වාස කෙරේ.

අපරාධ යුක්තිය පිළිබඳ විශේෂඥ සහ නීති මහාචාර්ය Koichi Hamai පවසා ඇත්තේ ජපානයේ සිර ගෙවල් ඩිමොන්ශියාවෙන් පෙළෙන වයස්ගත සිරකරුවන්ගෙන් පිරී පවතින බවයි. මෙම රෝගය වෙනුවෙන් නිසි ප්‍රතිකාරයක් නොමැති අතර ඔවුන් රැකබලා ගැනීමේදී නිරීක්ෂණය හා කළමනාකරණය අතිශය වැදගත් අතර ඔහු පිටතින් නොපෙනෙන රෝගයකින් පෙළෙන බව නිරන්තරව මතකයේ තබා ගැනීම වැදගත් බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා කරයි.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි