×

ජපානයේ ජනගහන අවනතියක්

තෝක්යෝ රොයිටර් සේවය විසින් පසුගිය ජූනි මස 03 වන දින වාර්තා කර තිබුණේ 2021 වසරේ ජපානයේ අඩු උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.


එයට අනුව දත්ත මත පදනම්ව ජපන් රජය ප්‍රකාශ කර තිබුණේ මේ වන විට සිය රට තුළ ජනගහනය විශාල වශයෙන් ස්වභාවිකව පරිහානියට පත් වීමත් , ජනගහනය අවනතියක් කරා යාමත් ඇරඹී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ 1899 වසරේ දත්ත වලට පසු අඩුම අගය 811,604 ලෙස 2021 වසරේ වාර්ථා වී තිබේ. මරණ 1,439,809 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත ජනගහනය 628,205 කින් පහත වැටීමට හේතු විය.

නව උපත් අඩු වීමත් , වයස්ගත වූවන් වැඩි වීමත් , ඔවුන් වෙනුවෙන් සමාජ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් ලක් කිරීමට සිදු වීමත් , රටෙහි ආර්ථිකයට තීරණාත්මක වශයෙන් බලපානු ඇතැයි ජනගහන විද්‍යාඥයන් දිගු කලක පටන්ම අනාවැකි ඉදිරිපත් කර තිබේ

ජපානයට දැන් ඇත්තේ වේගයෙන් වයස්ගත වන සමාජයකි.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි