×

ජපානයේ පළමු වඳුරු උණ ආසාධිතයා හඳුනා ගැනේ.

වෛරසය සමීප සම්බන්ධතා හරහා පැතිරෙන අතර උණ වැනි රෝග ලක්ෂණ සහ සැරව පිරුණු සමේ තුවාල බොහෝ ආසාධිත රෝගීන් අතර දක්නට ලැබේ.


ජපානයේ පළමු වඳුරු උණ ආසාධිත පුද්ගලයා තෝකියෝ වලින් හඳුනාගත් බවට එහි ආණ්ඩුකාරවරයා අද (26) දින තහවුරු කිරීම රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙම පුද්ගලයා තෝකියෝහි සිථිර පදිංචිකරුවකු වන අතර තිස් හැවැරිදි වියේ පසුවන්නෙකි. ඔහු පසුගිය මාසයේ යුරෝපයේ සංචාරය කරන ලද බව අනාවරණයව තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබුණේ මෙම ආසාධිත පුද්ගලයා අවධානම් සහිත රෝග තත්වයන් නොපෙන්වන බවත්, මේ වන විට ශරිරය පුරා කුෂ්ඨයන් දක්නට ලැබෙන බවත්, උණ හිසේ කැක්කුම සහ තෙහෙට්ටු ගතිය යන රෝග තත්වයන් පමණක් පෙන්නුම් කරන බවයි.වෛරසය සමීප සම්බන්ධතා හරහා පැතිරෙන අතර උණ වැනි රෝග ලක්ෂණ සහ සැරව පිරුණු සමේ තුවාල බොහෝ ආසාධිත රෝගීන් අතර දක්නට ලැබේ.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :https://outboundtoday.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි