×

ජපානයේ මන්දගාමී ආර්ථික ගැටළුව විසඳෙයි! දළ දේශිය නිශ්පාදන වාර්තාව නිකුත් වෙයි!!

ගතවූ කාලපරිච්ඡේදය තුළ, ජපාන ආර්ථිකය 2.1% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මූලික දළ දේශීය නිශ්පාදිත වාර්තාව (GDP) අනාවරණය කරයි. මේ අනුව 0.2% ක අපේක්ෂිත වර්ධන වේගය ඉහල ගොස් පවතින අතර, ආනයනය අපනයනය ට වඩා පහත වැටී ඇත. මෙමඟින් ජපාන රජය බොහෝ කළක පටන් පමා කළ යුතු යැයි විග්‍රහ කළ ආර්ථිකයට හානි පමුණුවන විකිණුම් […]


ගතවූ කාලපරිච්ඡේදය තුළ, ජපාන ආර්ථිකය 2.1% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මූලික දළ දේශීය නිශ්පාදිත වාර්තාව (GDP) අනාවරණය කරයි.

මේ අනුව 0.2% ක අපේක්ෂිත වර්ධන වේගය ඉහල ගොස් පවතින අතර, ආනයනය අපනයනය ට වඩා පහත වැටී ඇත.

මෙමඟින් ජපාන රජය බොහෝ කළක පටන් පමා කළ යුතු යැයි විග්‍රහ කළ ආර්ථිකයට හානි පමුණුවන විකිණුම් බදු ඉහල යාමේ ගැටළුවට විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.

GDP වාර්තාව තුළ අනාවරණය වූ විශේෂතම කරුණ නම් ආනයනය අපනයනය ට වඩා පහත වැටී ඇති බවයි!

වාර්තාවට අනුව, ආනයනය 4.6% කින් පහත වැටී ඇත. මෙය ගතවූ වසර දහය තුළ වාර්තා වූ ඉහලම ආනයන පහත වැටීමයි. අපනයනය පහත වැටී ඇත්තේ 2.4% කින් පමණි.

“වසර ආරම්භයේදී ආර්ථිකයේ පුදුමාකාර ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබෙනවා, එබැවින්, අප බලාපොරොත්තු වූවා ට වඩා රටෙහි දළ දේශීය නිශ්පාදිතය ශක්තිමත් වේවි,” ටෝකියෝ හි ආර්ථික විශේෂඥ මාර්සෙල් තීලියන්ට් පැවසීය.

රටෙහි පවතින විකිණුම් බදු ගැටළුව ඔක්තෝබර් 1 වන දින වන විට අවම කිරීමට මෙම අති ප්‍රභල ආර්ථික ප්‍රගමනය උපකාරී වනු ඇති බවට තීලියන්ට් මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලවකවානුව තුළ ජපානයේ ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් විග්‍රහ කොට තිබුණේ අවිනිශ්චිත දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ විකිණුම් බදු 8% සිට 10% දක්වා ඉහල යාම පමා කළ යුතු බවයි.

කෙසේවෙතත්, වාර්තාවන අන්දමට මෙම ආර්ථික ගැටළුවට විසඳුම් ලෙස GDP වාර්තාව තුළ අනාවරණය වූ කරුණු ඔස්සේ ක්‍රියා කළ හැකි බවට එරට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි