×

ජාත්‍යන්තර ක්‍රීඩිකා ඇග්නස් ටිරොප් ඝාතනය කරේ

ජාත්‍යන්තර කෙළි බිමේ ප්‍රකට කෙන්යාවේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවක් වන ඇග්නස් ටිරොප්, ඉටෙන්හි පිහිටි ඇගේ නිවසේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී මෘත දේහය සොයාගෙන ඇති අතර පොලීසිය ඇගේ සැමියා සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබේ.


පසුගිය මාසයේ මීටර් 10,000 කාන්තා දිගු දුර ධාවන තරඟයේ වාර්තාව බිඳ දමා 2017 සහ 2019 ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් ද දිනාගත් 25 හැවිරිදි ක්‍රීඩිකාව අතුරුදහන් වූ බවට ඇගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පසුගියදා ඇගේ මෘත දේහය සොයා ගෙන තිබේ.

එම ප්‍රදේශයේ පොලිස් ප්‍රධානී ටොම් මැකෝරි තහවුරු කළේ ටිරොප්ගේ සැමියා අතුරුදන් වීමෙන් පසු සැකකරුවෙකු බවට තහවුරු කරගෙන ඇති බවයි.

ඇයගේ ගෙලට තියුණු මුවහතකින් ඇන තිබේ. 1985 දී සෝලා බුඩ් ට පසුව එම ලෝක ශූරතා දිගු දුර තරඟය ජයග්‍රහණය කළ දෙවන ලාබාලතම තැනැත්තිය වන 19 හැවිරිදි තරුණියක ලෙස එවකට ටිරාප් සිය ජාත්‍යන්තර කෙළි බිමේ නැඟී එන තාරකාවක්.

මේ අතර කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා ද මලල ක්‍රිඩා කෙළි බිමේ වීරයෙකු ලෙස හැඳින්වූ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීම පිළිබඳව සිය දැඩි සංවේගය පළ කරන්නට විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි