×

ජාත්‍යන්තර TIME සඟරාව තේරූ 2018 වසරේ හොඳම ඡායාරූප 10

2018 වසර විස්තර කරන හොඳම ඡායාරූප 10 ජාත්‍යන්තර TIME සඟරාව විසින් මෙසේ තෝරා තිබුණා.


ජාත්‍යන්තර ටයිම් සඟරාව, 2018 වසර විස්තර කළ හැකි හොඳම ඡායාරූප 10 තෝරා තිබෙන්නේ දහස් ගණනක් වූ ඡායාරූප අතරින්. 

මේ ඡායාරූප මගින් යුද්ධයේ සත්‍යය ඡායාරූප ජනමාධ්‍යකරණය ඔස්සේ කොතරම් නිරාවරණය කළ හැකිද යන්න මනා ලෙස පහදාදෙනවා. ඇමරිකාවේ දේශපාලන කුණාටුවේ කේන්ද්‍රෙය් සිට යේමනයේ මානුෂීය ඛේදවාචකය දක්වා ප්‍රවෘත්ති ඡායාරූප රැසක් එයින් දැක්වෙනවා. 

අවවාදයයි : මෙහි පළවන ඇතැම් ඡායාරූප අති සංවේදී පුද්ගලයන් හට නැරඹීමට අපහසු වීමට ඉඩ තිබේ.

Warning: Some of the following images are graphic in nature and might be disturbing to some viewers.

A resident flees his home in Thousand Oaks, Calif. during a wildfire
Stuart Palley

Fleeing the Flames – ගිනි දැල් දැනෙන විට….

කැලිෆෝනියාවේ Thousand Oaks පළාතෙන් නොවැම්බර්  9 වැනිදා නිවැසියෙක් මෙසේ ඇඳිවතින් පළා යන්නේ මහාපරිමාණ ලැව්ගිනිවලට නිවස හසු වූ නිසයි. නොවැම්බර් මාසයේ මුල උතුරු දිග සහ දකුණු කැලිෆෝනියාවේ ජීවත් වූ 16,000 ක් දෙනාට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සිදුවුණා. මෙහි ඡායාරූප ශිල්පියා – Stuart Palley . 

‘‘මිහි මඬල ගිනිගෙන වැගිරෙන විට කළ හැකි හොඳම දේ ආරක්ෂාව පතා පළා යාම පමණයි“ TIME සඟරාවේ ජස්ටින් වෝලන්ඩ්  Justin Worland එසේ ලියා තිබුණා. 

Deputy sheriff Dorothy Onikute responds to an overdose call on Feb. 4 in Alcalde, N.M.
James Nachtwey for TIME

The Opioid Crisis – මත්පෙති අර්බුදය

 “The Opioid Diaries,” නමින් TIME’ සඟරාව මාර්තු 5 වැනිදා විශේෂ කලාපයක් නිකුත් කළා. ඒ, පසුගිය වසරේ විෂ මත්පෙති උවදුර නිසා ඇමරිකානුවන් 49,000 කට ආසන්න ප්‍රමාණයක් මිය යාමත් සමගයි. අධිමාත්‍රා වේදනා නාශක පවා මෙයට අයත් වුණා.

ඡායාරූප ශිල්පී James Nachtwey සහ ටයිම් සඟරාවේ Paul Moakley රට පුරා ඇවිදිමින් මේ විනාශයේ තරම සියැසින් දුටුවා. සෙනෙට් සභික මැගී හසන්ගේ අවධානය, මේ වසංගතය කෙරෙහි යොමු වුණේ ටයිම් සඟරාව පළ කළ විශේෂ වාර්තාව නිසයි. 

Center lane lines are partially visible along the lava-covered road in the Leilani Estates subdivision near Pahoa, Hawaii, on May 11.
Jae C. Hong—AP/Shutterstock

Road to Destruction – විනාශයේ මාවත

ලෝකයේ වඩාත්ම සක්‍රිය ගිනිකන්දක් වන කිලාවූ  ( Kilauea) ගිනිකන්ද පසුගිය මැයි 11 වැනිදා පුපුරා ගියේ, අඩි 30,000 ක් උසට අළු ධාරා විදිමින්. බොහෝ ඡායාරූප ශිල්පීන් මේ ගිනිකන්ද පුපුරායන දර්ශන හෙලිකොප්ටර් ආදියෙන් සංචාරය කරමින් සිය කාච ඇසට හසුකර ගනිද්දී ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයේ ජේ සී හොන්ග්, එහි වෙනස්ම මානයක් මෙසේ හසුකර ගෙන තිබුණා. 

A group of Central American migrants near the El Chaparral crossing in Tijuana climb the fence between Mexico and the U.S. on Nov. 25, a day of turmoil at the border.
Pedro Pardo—AFP/Getty Images

On the Border – දේශසීමාවේදී

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පිහිටා තිබෙන එල් චැපරාල් දේශසීමා හරස් පාරේදී  නොවැම්බර් 25 වැනිදා  මේ ඡායාරූපය, ප්‍රංශ පුවත් සේවයේ පෙද්‍රෝ පාර්ඩෝ විසින් ගනු ලැබුවා. (Pedro Pardo of Agence France-Presse). කටුකම්බි ගැසූ වැට මතින් ඇමරිකාවට මේ බිළිඳා පියනගන අතරවාරයේ ඇමරිකානු ආරක්ෂක භටයන් සිටියේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින්.  ජනපති ට්‍රම්ප් විසින්, මධ්‍යම ඇමරිකාවේ සිට පැමිණෙන මේ ‘කරවෑන් සංක්‍රමණිකයන්‘ ආක්‍රමණිකයන් ලෙස සලකා රටෙන් පිටුවහල් කළ යුතු යැයි පැවසුවා. නමුත් මේ දරුවන්… වඩා යහපත් ලොවක් ගැන සුබ සිහින දැකීම ඔවුන්ට අහිමිද…?

Joseph Wachira, 26, comforts Sudan, the last male Northern White Rhino on the planet, moments before he passed away
Ami Vitale—National Geographic Creative

Saying Goodbye- ‘ගිහින් එන්න‘ යැයි කීම 

සුඩාන්, මේ ලෝකයේ සිටි අවසාන උතුරුදිග සුදු රයිනෝවා. 2018 මාර්තු මාසයේ කෙන්යාවේ දී සුඩාන් මෙලොව හැර ගියා. ඔහුව රැක බලාගත් ජෝිසප් වචීරා, සුඩාන්ගේ හුස්ම වැටීම නතර වී නිමේෂයන් කිහිපයකට පසුව තම ආදරණීයයාට සමුදුන්නේ මෙහෙමයි. 

Gene Tabachnick, a friend of the slain brothers David and Cecil Rosenthal, stands near their graves during a burial ceremony in Pittsburgh
Salwan Georges—The Washington Post/Getty Images

Final Farewell – අවසන්සමුදීම 

ඇමරිකාවේ පිට්ස්බර්ග් යුදෙව් දම්සලේ ඔක්තෝබර් 27 වැනිදා 59 හැවිරිදි සහ 56 හැවිරිදි රොසෙන්තේල් සොයුරන් ඝාතනයට ලක් වුණා. ඔවුන් දෙදෙනාගේම මිතුරෙකු වන ගෙන් තබාක්නික්, අවසන් වරට ඔවුන්ට සමුදීමට පැමිණ සිටියේ මේ අන්දමින්. පිට්ස්බර්ග් හි ට්‍රී ඔෆ් ලයිෆ් යුදෙව් දම්සලේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 11 දෙනෙකුගේ ජීවිත සොරාගෙන තිබුණා. ඔවුන්ව භූමදානය කරනු ලැබුවේ දින 3කට පසුවයි. 

Jeff Flake, center, listens to fellow GOP Senator Lindsey Graham, right, on Sept. 28, moments after Flake called for a delay in Brett Kavanaugh’s Supreme Court confirmation
David Butow—Redux for TIME

Man in the Middle – මැද සිටින මිනිසා

මැද සිටින මිනිසා, ජෙෆ් ෆ්ලේක්. සැප්තැම්බර් 28 වැනිදා ඔහු රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභික (දකුණු පසින් සිටින) ලින්ඩ්සේ ග්‍රහෑම් හට මෙසේ ඇහුම්කන් දෙමින් සිටින්නේ, මහත් ආන්දෝලනයට තුඩු දුන් බ්‍රෙට් කැවනා විනිසුරු ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම පමාකරන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවයි. බ්‍රෙට් කැවෙනා සහ ඔහුට අපචාර චෝදනා ලැබූ කැලිෆෝනියා මහාචාර්ය ක්‍රිස්ටීන් බ්ලැසී ෆෝඩ් යන දෙදෙනාම ජෙෆ් ෆ්ලේක් ඇතුළු සෙනෙට් සභිකයන් කණ්ඩායමක් හට සිය කටඋත්තර ලබා දී තිබුණේ එයට දිනකට පෙරයි. ජෙෆ්ගේ ශරීර භාෂාව සහ ඔහුගේ දෑස්, ඔහු ලක්ව සිටින අපහසුතාවය මනාව කියා පානවා. ඔහු හැර මෙතැන සිටි හැම කෙනෙක්ම සිතන්නේ කැවෙනා, ශ්‍රේෂ්ඨාධිකරණයට යැවිය යුතු බවයි. ටයිම් සඟරාව වෙනුවෙන් ඩේවිඩ් බුටොව් මේ ඓතිහාසික මොහොත ඡායාරූපයට නගාතිබුණා. සෙනෙට් සභික ක්‍රිස් කූන් පසුව මෙසේ කියා තිබුණා. ‘‘අද දින වොෂින්ටනයේදී සිය හෘද සාක්ෂියට ඇහුම්කන්දීමට උත්සාහ කරන අයෙකුට එරෙහිව නැගෙන පීඩනය ගැන මේ ඡායාරූපය සිහිපත් කර දෙනවා.

This image of 7-year-old Amal Hussain in October drew global attention to the humanitarian crisis
Tyler Hicks—The New York Times/Redux

Casualty of War- යුද්ධයේ විනාශය

යේමනයේ 7 හැවිරිදි අමාල් හුසේන්ගේ මේ ඡායාරූපය, ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති කළා. යේමනයේ මිලියන 14 ක් සිටින්නේ මේ ආකාරයෙන් සාගතය හා මන්දපෝෂණය නිසා මරණය අද්දරයි. ටේලර් හික්ස් විසින් ඡායාරූපයට නැගූ මේ දැරිය, සෞදිය විසින් ආයුධ සපයන යේමනයේ යුද්ධය දෙස මානුෂීය අවධානය දිනා දීමට සමත් වුණත්, මේ දැරිය අවසානයේ සරණාගත කඳවුරකදී මරණයට පත් වුණා. එය ද විශාල අන්දෝලනයක් ඇති කළ පුවතක් වුණා.

කෙසේ නමුත් මේ ඡායාරූපය, සිව් වසරක් තිස්සේ යේමනයේ මරණ වරෙන්තුව ලියූ ගරිල්ලා යුද්ධයේ සැබෑ මුහුණේ කැඩපතක්. 

As the U.S. opened a new embassy in Jerusalem on May 14, violence erupted just miles away at the Gaza border, where Israeli soldiers clashed with Palestinian protesters like this injured man, who was evacuated by horse cart.
Emanuele Satolli for TIME

Troubled Terrain- ආපදා භූමිය

2018 මැයි 14 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ නව තානාපති කාර්යාලයක් විවෘත කළා. නිතර ගිනි ඇවිළෙන, පලස්තීන අර්බුදයේ සංකේතයක් බඳු ගාසා තීරය පිහිටා තිබෙන්නේ එයට සැතපුම් කිහිපයක් පමණක් දුරින්. මේ තුවාළ ලත් මිනිසා වැනි විරෝධතාකරුවන් සමග ඊශ්‍රායල හමුදාව ගැටුණා. ඉතාලි ජාතික ඡායාරූප ශිල්පී එම්මානුවෙල් සැටොලි ටයිම් සඟරාව වෙනුවෙන් ජෙරුසලමට ගොස් සිටි අතරවාරයේ මේ ඡායාරූපය ඔහුගේ කාච ඇසට හසුකරගෙන තිබුණා. 

Hope Hicks, the White House communications director, leaves the Capitol on Feb. 27
Leah Millis—Reuters

Moving On- ඉවත් වී යාම

ධවල මන්දිරයේ ට්‍රම්ප්ගේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව වූ හෝප් හික්ස්, පෙබරවාරි 27 වැනිදා රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් පැය 8 ක ප්‍රශ්න කිරීමකට ලක් වුණා. ඇය මේ ඡායාරූපය ගත් දිනයට පසුදාම සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා. රොයිටර්ස් පුවත් සේවයේ ලී මිලිස්, වෘත්තීය වශයෙන් ඉහළ තලයකට ඔසවා තබන්නට මේ ඡායාරූපය සමත් වුණා. 

Courtesy: Time Magazine 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි