×

ජිම් ඇකෝස්ටා හට ධවල මන්දිරයට ඇතුල් වීමේ අවසරය

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් පරාජයක්, ජිම් ඇකෝස්ටා ට ධවල මන්දිරයට ඇතුල් වීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් නියෝග


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරය ආවරණය කරන ප්‍රධාන CNN මාධ්‍යවේදී ජිම් ඇකෝස්ටා (Jim Acosta) හට රාජකාරියට බාධා කරමින් ඔහුගේ මාධ්‍ය අවසරපත අවලංගු කිරීමට එරෙහිව CNN පුවත්සේවය විසින් පවරනු ලැබූ නඩුවේ අතුරු නියෝගයක් අද දින ලබාදීම සිදුවිය.

එහිදී  ජිම් ඇකෝස්ටාගේ මාධ්‍ය හැඳුනුම්පත, වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ලබාදීමට අධිකරණය නියම කළේය.

ඇමරිකානු දිසා අධිකරණ විනිසුරු තිමොති කෙලී විසින් ධවල මන්දිරයට මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

නඩුව තවදුරටත් විභාග කරනු ලැබේ.

පෙර ලිපිය – මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනය උදුරාගත් ට්‍රම්ප්ට එරෙහිව සීඑන්එන් නඩු පවරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි