×

ජීවිතය වෙනස් කරන හාස්කම් ඇත; අෆ්ෂීන් ගුල්ගේ කතාව

වෛද්‍යවරයා පවසා තිබුණේ මෙවැනි තත්වයකට ලෝකයේ මුහුණ දුන් ප්‍රථමයා අෆ්ෂීන් විය හැකි බවයි. ඇය බෙල්ලට ආබාධ ඇති කරන කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිනු ලැබීය.


තත්වයන් හා අවස්ථාවන් එකිනෙකාට සාපේක්ෂව සමාන නැත. අෆ්ෂීන් ගුල් එකිනෙකට වෙනස් තත්වයන් හා අවස්ථාවන්ට මුහුණ දෙනු ලැබූ නව යොවුන් තරුණියක් විය. ඈ ඉපිදී මාස 10ක තරම් කුඩා අවදියේදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඇගේ තත්වය අනෙකුත් දරුවන්ට සාපේක්ෂව වෙනස් විය.

සිය සහෝදරිය අතින් කුඩා අවධීයේ බිම වැටුණ අෆ්ෂීන් කිසිවක් තනිව කර කියාගත නොහැකි දරුවකු බවට පත් විය. අනතුරින් පසු ඇගේ බෙල්ල අංශක අනූවක් ඇලව පිහිටියේය. නොයේකුත් වෛද්‍ය පිළියම් කරනු ලැබුවද තතවය වෙනස් නොවීය. එය තවත් නරක අතට හැරිණ. ඇයට තනිව ඇවිදීමට කතා කිරීමට ආහාර ගැනීමට නොහැක. ඈ බොහෝවිට තනිව බිම වැතිර සිටිනු ලැබීය. ඒ සියල්ලම වෙනුවෙන් තවකෙකුගේ සහය ලබා ගැනීමට අෆ්ෂීන්ට සිදු විය.
ඈ මස්තිෂ්ක අංශභාග තත්වයෙන්ද පෙළෙන්නට විය. ඇය ඇවිදීමට ඉගෙන ගන්නා විට අවුරුදු 6 පසු විය. කතා කිරීමට ඉගෙන ගන්නා විට අවුරුදු 8ක් පමණ විය. ඇගේ වයසේ දරුවන්ට සාපේක්ෂව ඇයගේ වර්ධනය සිදු වූයේ බොහෝ සෙමිනි. අෆ්ෂීන් කිසි දිනක පාසල් නොගිය අතර ඇයට යහළුවන් නොවීය.


ප්‍රසිද්ධ පකිස්තාන නළු අහ්සන් ඛාන් ෆේස්බුක් හි අෆ්ෂීන්ගේ ඡායාරූපයක් බෙදාගෙන, ඇයට උදව් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එතැන් සිට අෆ්ෂීන්ගේ කතාව ලොව පුරා පුද්ගලයන් කම්පනයට පත් කිරීමට සමත් විය. ලොව නන්දෙස දෙනා ඈ වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරන්නට විය. සහයෝගයන් දක්වන්නට විය.
සෑම අඳුරු වළාවකම රන් රේඛාවක් ඇතිවා මෙන් වෛද්‍ය රාජගෝපලන් ක්‍රිෂ්ණන් හමුවීමත් සමඟ ඇගේ දෛවය වෙනස් විය. ඔහු දිල්ලියේ ඇපලෝ රෝහලේ සංකීර්ණ කොඳු ඇට පෙළ සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විය. ඔහු අෆ්ෂීන්ගේ සැත්කම නොමිලේම කිරීමට ඉදිරිපත් විය.
වෛද්‍යවරයා පවසා තිබුණේ මෙවැනි තත්වයකට ලෝකයේ මුහුණ දුන් ප්‍රථමයා අෆ්ෂීන් විය හැකි බවයි. ඇය බෙල්ලට ආබාධ ඇති කරන කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිනු ලැබීය. බෙල්ලේ ප්‍රධාන ශල්‍යකර්මයට පෙර අෆ්ෂීන් ප්‍රධාන ශල්‍යකර්ම දෙකකට භාජනය වූ අතර ඉන් පසුව තවත් විශාල සැත්කමක් සිදු කරන ලදී.ප්‍රධාන සැත්කම පෙබරවාරි මාසයේදී සිදු විය. වෛද්‍ය ක්‍රිෂාන් බීබීසීයට පැවසුවේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම පැය හයක මෙහෙයුමකදී අෆ්ෂීන්ගේ හිස් කබල ඇයගේ සුෂුම්නාවට සම්බන්ධ කළ බවයි.

සැත්කම කර මාස 4ක් පමණ ගතවන විට තනිව ආහාර ගැනීමට ඇයට හැකි විය. ඇය තනිව ඇවිදීමට සමත් විය. විශේෂඥ වෛද්‍ය රාජගෝපලන් ක්‍රිෂ්ණන් සතිපතා ඇයව ස්කයිප් හරහා සම්බන්ධ කර ගෙන ඇගේ තත්වයන් පරික්ෂා කරනු ලැබීය. නමුත් සමහර සංකූලතා තවමත් ඇතිමුත් ඇය කෙමෙන් සුව අතට හැරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි