×

ජීවිත අවධානම් අවස්ථාවක් ; සිඩ්නි වලින් ජනයා ඉවත් කරයි

අධික වර්ෂාපතනය නිව්කාසල් සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෙට්මන් බොක්ක දක්වා නැගෙනහිර වෙරළ තීරයේ හදිසි ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇති අතර ඉදිරි දින දෙක තුළ වර්ෂාව තවත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ධාරානිපාත වර්ෂාව හා අධික සුළං හේතුවෙන් ජීවිත අවධානම් තත්වයක් පැන නැගි ඇති බැවින් දහස් ගණනින් ජනයා සිඩ්නි නගරයෙන් ඉවත් කෙරේ. අධික වර්ෂාපතනය නිව්කාසල් සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෙට්මන් බොක්ක දක්වා නැගෙනහිර වෙරළ තීරයේ හදිසි ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇති අතර ඉදිරි දින දෙක තුළ වර්ෂාව තවත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 200 (අඟල් 8) ට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර සමහර ප්‍රදේශවලට මිලිමීටර් 350 ක් පමණ වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේ නේපීන් ගඟ දිගේ ගංවතුර අවදානම් තත්වයක් ඇති බවයි. නිව් සවුත් වේල්ස් හි හදිසි සේවා අමාත්‍ය ස්ටෙෆ් කුක් රූපවාහිනී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ අප දැන් අන්තරායකට මුහුණ දී ඇති බවයි. පාසල් නිවාඩුව ආරම්භයේදී පවතින අයහපත් කාලගුණයත් සමඟ නිවාඩු ගමන් පිළිබඳ නැවත සලකා බලන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය හදිසි සේවය කොමසාරිස් කාර්ලීන් යෝර්ක් පවසා ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් සිඩ්නිහි ප්‍රධාන වේල්ල එක රැයකින් වාන් දමා ඇති බවයි. ජලය වේගයෙන් ගලා යන අතර ගංවතුර හේතුවෙන් 29 දෙනෙකු මේ වන විට බේරාගෙන සහන කඳවුරු වලට යවා ඇත. රජය විසින් හදිසි අවස්ථාවන්හි ක්‍රියාත්මක වීමට බට පිරිස් 100 හා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් දෙකක් ප්‍රාන්තයට ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි