×

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතක ඩෙරික් ෂෝවින්ට වසර 22 1/2කට සිරදඬුවම් නියම වෙයි

ඇමරිකාවේ මිනියාපොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනයට ලක්වන්නේ 2020 වසරේ මැයි 25 වැනිදාය.


ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනියාපොලිස් පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු කරමින් ඔහුට අවුරුදු 22යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම නඩු තීන්දුව සැලකෙන්නේ, කිසිදු භේදයකින් තොරව සියලු ඇමරිකානුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් නීතියේ ආධිපත්‍ය යළිත් තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් ලෙසය.

ඒ සිදුවීම සම්බන්ධයෙන් තවත් නඩු විභාගයක් පවත්වන ලෙස ඩෙරික් ෂෝවින් කර තිබූ ඉල්ලීම ද ප්‍රතික්ෂේප වී තිබේ.

ඇමරිකාවේ මිනියා පොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනයට ලක්වන්නේ 2020 වසරේ මැයි 25 වැනිදාය.

එදින අත්අඩංගුවට පත්වන මේ කළු ජාතිකයා මියයන්නේ පොලිස් නිලධාරී ඩෙරික් ෂෝවින් සිය දණහිසින් ෆ්ලොයිඩ්ගේ ගෙල විනාඩි නවයක කාලයක් සිරකරගෙන සිටීම හේතුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි