×

ජෝර්ජියා ජනපදයේත් බයිඩන් ඉදිරියට- ට්‍රම්ප් දෙපුතුන් අවි අමෝරති

දැනට සුළු වේලාවකට පෙර ජෝර්ජියා ජනපදයේ ද ජෝ බයිඩන් ඉදිරියට පැමිණි අතර, නිල ඡන්ද ප්‍රතිඵලය ඉදිරියේදී නිකුත් වනු ඇත.


එහි ඡන්දය තවමත් ගණන් කෙරෙමින් පවතින අතර, මේ වන විට 99% ක් ඡන්දය ගණන් කර අවසාන බව CNN පුවත් සේවය පවසයි.

මේ අනුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනපද පහේ ඡන්ද අතරින් ජනපද 2 ක් ජයගැනීමට බයිඩන් සමත් වනු ඇත.

‘‘බයගුල්ලො වගේ ඉන්න එපා!‘‘ – ට්‍රම්ප් දෙපුතුන් පියාගේ අඩි පාරේ

ඩොන් ජූනියර්

සියලු ඡන්ද ගණන් කරනා තෙක් සන්සුන්ව සිටින්නැයි ජෝ බයිඩන් ජනතාවගෙන් ආයාචනය කරන අතරවාරයේ ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනා රිපබ්ලිකන් පක්ෂය නිදිබර ලෙස බලා සිටින බවට දෝෂාරෝපණය කරමින් කැළඹීමක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිති.

ට්‍රම්ප්ගේ වැඩිමල් පුතා වන ඩොන් (ඩොනල්ඩ්) ජූනියර්, රිපබ්ලික්න පක්ෂය දුර්වල වී ඇතැයි ද සිය පියා නැවත බලයට පත්වීමට බලා සිටියදී එයට සහයෝගය නොදක්වන්නේදැයි ද පවසා තිබේ.

මේ අතර ට්‍රම්ප්ගේ බාල පුත්‍රයා වන එරික් ට්‍රම්ප් තර්ජනාත්මක අන්දමින් මෙසේ කියා ඇත.

‘‘බයගුල්ලො වගේ ඔබ සිටියහොත් අපේ ඡන්ද දායකයන් කිසිදාක එය අමතක කරන එකක් නෑ..!‘‘

ඩොනල්ඩ් ජූනියර්, 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත ව සිටින බවට ද මතයක් ඇත.

පෙර ලිපිය
ට්‍රම්ප් ජනපද 3 කට නඩු දමද්දී සන්සුන්ව සිටින්නැයි ජෝ බයිඩන් ජනතාවගෙන් ඉල්ලයි

ට්‍රම්ප් ජනපද 3 කට නඩු දමද්දී සන්සුන්ව සිටින්නැයිජෝ බයිඩන් ජනතාවගෙන් ඉල්ලයි

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි