×

ජෝ බයිඩන්ගේ කැම්පේන් බස් රථය ට්‍රම්ප්ගේ කල්ලියක් වට කරලා – ‘‘එහෙම කළේ ආරක්ෂාව දෙන්න‘‘ – ට්‍රම්ප් කියයි : FBI විමර්ශන ඇරඹෙයි !

ට්‍රම්ප් 2020 යැයි සඳහන් කොඩි රැගත් මෝටර් රථ වාහන කණ්ඩායමක් විසින් ට්‍රම්ප්ගේ කැම්පේන් බස් රියක් පසුපස යාම සහ එයට බාධා කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය විමර්ශනයක් ආරම්භ කළේය.


ට්‍රම්ප් 2020 යැයි සඳහන් කොඩි රැගත් මෝටර් රථ වාහන කණ්ඩායමක් විසින් ට්‍රම්ප්ගේ කැම්පේන් බස් රියක් පසුපස යාම සහ එයට බාධා කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය විමර්ශනයක් ආරම්භ කළේය.

අර්ලි වෝටිං හෙවත් ඡන්දය කලින් ප්‍රකාශ කිරීම සඳහා ටෙක්සාස් ජනපදයට ලබාදී තිබූ කාල සීමාවේ අවසාන දිනයේදී බයිඩන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යමින් සිටියදී මෙම සිද්ධිය හටගෙන තිබේ.

එහිදී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් උත්සාහ ගෙන තිබෙන්නේ බස් රියේ වේගය අඩාල කර එය පාරෙන් ඉවත් කර දැමීමට බව බයිඩන්ගේ ආධාරකරුවෝ කියති.

මෙම සිදුවීම වීඩියෝ ගත කර තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=lWjK_Eu8uME[/embedyt]

‘ට්‍රම්ප් ට්‍රේන්‘ නමින් තමන්ව හඳුන්වා ගන්නා මෙම මෝටර් රථ කණ්ඩායම විසින් බයිඩන්ගේ මැතිවරණ රැළි කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා බවට ද චෝදනා එල්ල වේ.

ඔවුන්  100 දෙනෙක් පමණ කැම්පේන් බස් රිය වටකරගත් බවට ද සාක්ෂි තිබේ.

බස් රියේ මේ අවස්ථාවේදී බයිඩන් හෝ කමලා හැරිස් සිටියේ නැත. නමුත් ටෙක්සාස් හි ප්‍රචාරණ කටයුතුවල නියැළී සිටින රිපබ්ලිකන් ජනතා නියෝජිත වැන්ඩි ඩේවිස් බස් රිය තුළ සිටි බවත්, දෙපිරිස අතර කිසිදු ගැටුමක් ඇති නොවූ බවත් වාර්තා වේ.

බයිඩන්ගේ කණ්ඩායම 911 අමතා ට්‍රම්ප් කල්ලිය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

මේ අතර ට්‍රම්ප් මේ සිදුවීම ට්වීට් කර තිබුණේ “I LOVE TEXAS!” යනුවෙනි. ‘‘දැක්ක නේද අපේ මිනිස්සු.. ඔබ දන්නව ද ඒ අය ඊයෙ ඔහුගෙ බස් එකට ආරක්ෂාව දුන්නා.. මොකද ඔවුන්  නයිස්..‘‘

“But it is something, did you see the way our people they … you know they were protecting his bus yesterday, because they’re nice,”

‘‘අපිට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. අඩුම වශයෙන් අපට ඒ සිද්ධ වෙච්ච දේ හොඳයි කියල හිතන ජනාධිපති කෙනෙක් මේ තාක් කාලයකට ඉඳල නෑ..‘‘ යැයි මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් බයිඩන් පැවසුවේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි