×

ජෝ බයිඩන්ට කොරෝනා

CNN වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා විසින් ඉදිරි රාජකාරී කටයුතු දුරකතනය හා වීඩියෝ තාක්ෂණය මඟින් කරගෙන යාමට සූදානම් බවයි.


ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (21) වන දින ට්විට්හි පල කරන ලද වීඩියෝවක ප්‍රකාශ කර තිබුණේ තමාට කොවිඩ් 19 ආසාදනයව ඇති බවත් තමා දෙවරක් එන්නත්කරණයට ලක් වීම හේතුවෙන් මේ වන විට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත්ය.

බයිඩන් මෙහිදී ප්‍රකාශ කරන්නේ තමන් ධවල මන්දිරයේ හුදකලාව, දිගටම වැඩ කරගෙන යාමට සූදානම් ව සිටින බවයි. මේ වන විට ඔහුට ආසාදනයව ඇති වෛරස් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය සාම්පල රසායනාගාර වෙත යවා ඇත.

ට්විට්හි ජනාධිපතිවරයාගේ වීඩියෝවත් සමඟ මුහුණු ආවරණ නොමැතිව ධවල මන්දිරයේ සිනා මුසුව සිටින බයිඩන්ගේ ඡායාරූපයක් ද පල කර තිබිණ.


මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයට නියමිත සංචාරයක් අවලංගු කිරීමට සිදුවීම ගැන කනගාටු වන බව සඳහන් කරන ජනාධිපතිවරයා පෙන්සිල්වේනියාවේ දේශපාලනඥයන්ට ඒ සම්බන්ධයෙන් කතා කළ බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. CNN වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා විසින් ඉදිරි රාජකාරී කටයුතු දුරකතනය හා වීඩියෝ තාක්ෂණය මඟින් කරගෙන යාමට සූදානම් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි