×

ජෝ බිඩෙන් දිවුරුම් දීමේ උත්සවයේ සමාරම්භක කවියෙකු වන අමැන්ඩා ගෝමන්ට පිරිනැමුණු වටිනා රැකියා භූමිකාව

මෝගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සභාපති ඩේවිඩ් විල්සන් 22 හැවිරිදි හාවඩ් උපාධිධාරිනියට සිය විශ්ව විද්‍යාලයේ රැකියා භූමිකාවක් පිරිනමා ඇත. ඔහු ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ "ගෝමන් මෙනවියනි, මෝගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ National Treasure හී Poet-in-Residence භූමිකාව වෙනුවෙන් මට ඔබව අවශ්‍යයි." යන්නයි.


ජනාධිපති ජෝ බිඩෙන් දිවුරුම් දීමේ උත්සවයේදී “The Hill We Climb” ගැයූ සමාරම්භක කවියෙකු වන 22 හැවිරිදි ​අමැන්ඩා ගෝමන් හට නව රැකියා යෝජනාවක් ලැබී ඇති බව වාර්තා වේ.

මෝගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සභාපති ඩේවිඩ් විල්සන් 22 හැවිරිදි හාවඩ් උපාධිධාරිනියට සිය විශ්ව විද්‍යාලයේ රැකියා භූමිකාවක් පිරිනමා ඇත. ඔහු ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ “ගෝමන් මෙනවියනි, මෝගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ National Treasure හී Poet-in-Residence භූමිකාව වෙනුවෙන් මට ඔබව අවශ්‍යයි.” යන්නයි.

ද බැල්ටිමෝර් සන් වෙනුවෙන් අදහස් දක්වමින් සඳහා ඩේවිඩ් විල්සන් පවසා ඇත්තේ ඔහු ගෝමන්ට කළ ආරාධනය ඉක්මන් එකක් වූ නමුත් එය අව්‍යාජ එකක් බවයි.

“මම රූපවාහිනියට ඇලී ඇයව නැරඹුවෙමි.” විල්සන් කියා සිටියේය.

“මා  Poet-in-Residence භූමිකාව වෙනුවෙන් ගෝමන්ට කළ ආරාධනය සැබෑ එකකි. අපගේ විශ්ව විද්‍යාලයේ විවිධ ආකාර වල කතුවරුන් සිටියි, මෝගන් හී වසරක් කටයුතු කිරීමට ලැබීම ඇය ආමන්ත්‍රණය කරන ගැටළු පිළිබඳව වඩාත් ගැඹුරු හා පුළුල් ඉදිරි දර්ශනයක් ඇයට ලබා දෙනු ඇත.
ඇය මෙම ඉල්ලීම පිළිගන්නේ නම්, මම එයට එක පයින්ම කැමැත්ත ප්‍රකාශ කරමි.”

මෙම ආරාධනය වෙනුවෙන් ගෝමන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද සන් වාර්තා කරයි.

දිවුරුම් දීමේ උත්සවය හේතුවෙන් ඇය ලබාගත් ආකර්ෂණය හේතුවෙන් ගෝමන් දැන් වැඩියෙන්ම අලෙවි වන කතුවරයෙකි; ඇයගේ ඉදිරි පොත් දෙක වන he Hill We Climb and Change Sings: A Children’s Anthem, සැප්තැම්බර් 21 වන දින වයිකින් බුක්ස් හරහා නිකුත් කිරීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි