×

ටර්ක්මෙනිස්තානය කොවිඩ් දත්ත සඟවලා ?

මෙම වසර මුලදී සියලුම වැඩිහිටියන්ට එන්නත් කිරීම අනිවාර්ය කළ පළමු රට ටර්ක්මෙනිස්තානය බවට පත්විය.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෛද්‍ය කැතරින් ස්මෝල්වුඩ්, පැවසුවේ ටර්ක්මෙනිස්තානයේ කොවිඩ් රෝගීන් කිසිවෙක් නොමැති බවට සිදු කරන ප්‍රකාශය පිළිබඳව සැකයක් පවතින බවයි.

ටර්ක්මෙනිස්තානය යනු කොවිඩ් වෛරස් රෝගීන් නොමැති බව පවසන උතුරු කොරියාව ඇතුළු රටවල් අතලොස්සෙන් එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ගෝලීය කොවිඩ් වෛරස් සංඛ්‍යාලේඛන, රාජ්‍යයන් විසින් සපයන දත්ත මත රඳා පවතී. එබැවින් මෑතක් වන තුරුම, සිය රට තුළ කොවිඩ් -19 රෝගීන් කිසිවෙක් ලියාපදිංචි කර නොමැති බවට ටර්ක්මෙනිස්තානයේ ප්‍රකාශය පිළිබඳව ගැටලු සහගත තතවයක් පවති.

සමාජ විශ්ලේෂකයින් පවසන්නේ ටර්ක්මෙනිස්තානයේ කොරෝනා වයිරසය පිළිබඳ නිල සංඛ්‍යාලේඛන විශ්වාස කළ නොහැකි බවයි. හියුමන් රයිට්ස් වොච් හි යුරෝපයේ සහ මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේචල් ඩෙන්බර් පැවසුවේ “ටර්ක්මෙනිස්තානයේ ආණ්ඩුව අතිශය මර්දනකාරී, අත්තනෝමතික ස්වභාවය” මෙයට එක හේතුවක් විය හැකි බවයි.

මෙම වසර මුලදී සියලුම වැඩිහිටියන්ට එන්නත් කිරීම අනිවාර්ය කළ පළමු රට ටර්ක්මෙනිස්තානය බවට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි