×

ශාන්ත ඇන්ටෝනියෝහි ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 46 දෙනෙකු මරුට

ශාන්ත ඇන්ටෝනියේ නගරයේ අර්ධ ට්‍රක් රථයක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් ඇති අතර, 16 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මියගිය 46 දෙනාගෙන් 12 දෙනෙකු දරුවන් වේ.


ටෙක්සාස් හි ශාන්ත ඇන්ටෝනියෝ නගරයේ අර්ධ ට්‍රක් රථයක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් ඇති අතර, 16 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මියගිය 46 දෙනාගෙන් 04 දෙනෙකු දරුවන් වේ. නගරාධිපති රොන් නිරෙන්බර්ග් මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ මෙම දර්ශනය බිහිසුණු මිනිස් ඛේදවාචකයක් බවයි.

නගරයේ දකුණු මායිමේ දුරස්ථ ප්‍රදේශයකින් ට්‍රක් රථය සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් සැක පිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට පවතින අධික උෂ්ණත්වය මේ මරණ වෙනුවෙන් හේතු වන්නට ඇති බව උපකල්පනය කෙරේ. පණපිටින් සොයාගත් අය උෂ්ණත්වය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි බව බලධාරිහු පවසති. මරණයට හේතුව නිශ්චිතව මෙතෙක් අනාවරණය කර නොමැති අතර මිනිස් ජාවාරම් ජාලයක කඩාකප්පල් ක්‍රියාවක් බව මෙක්සිකෝවෙහි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙම පිරිස සංක්‍රමණිකයන් වන බව ඇන්ටෝනියෝ පොලිස් ප්‍රධානියා විසින් නිවේදනය කර තිබේ. දිවි ගලවා ගත් 16 දෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ග්වාතමාලානු ජාතිකයන් ලෙස හඳුනාගෙන ඇති අතර සංක්‍රමණිකයන් බොහෝ විට දේශසීමා වෙත ගමන් කරන විට ඔවුන් මත යැපෙන ජාවාරම්කරුවන් පසුපස යෑමේ ප්‍රතිඵලය අවසානයේ මෙවැන්නක් විය හැකි බව විදේශ මාධ්‍ය නිවේදනය කර තිබේ.


සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි