×

ට්‍රම්ප්ගේ අඩිපාරේ යමින් ලිතුවේනියාවත් දේශසීමා තාප්පයක් ඉදිකිරීමට යයි

නීතිවිරෝධී සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සිය රටට ඇතුල් වීම වළක්වමින් මෙක්සිකෝ දේශසීමාව හරහා අති දැවැන්ත තාප්පයක් ගැසීමේ කුප්‍රකට අදහස හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ය.


පෙනෙන්නට තිබෙන්නේ ලිතුවේනියාව විසින් ට්‍රප්ම්ව පූර්වාදර්ශයක් බවට පත් කරගෙන ඇති බවයි.

ලිතුවේනියා අගමැතිනි ඉන්ග්‍රිඩා සිමොන්ටේ පැවසුවේ මෙමගින් සිය රට හරහා යුරෝපා සංගමයට ඇතුල් වීමට උත්සාහ කරන අයට වැඩ වරදිනු ඇති බවයි.

Lithuania’s Prime Minister Ingrida Simonyte and President of the European Council Charles Michel visit the Lithuania-Belarus border in Medininkai, Lithuania July 6, 2021. Dario Pignatelli/European Union/Handout via REUTERS THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVES

ලිතුවේනියාව මේ දේශසීමා තාප්පය ගැසීමට අදහස් කරන්නේ ලිතුවේනියාව සහ බෙලරුස් රාජ්‍යය අතර ය. ලිතුවේනියාව සහ අසල්වැසි බෙලරුස් රාජ්‍යය අතර දැනට තිබෙන්නේ සවිමත් යකඩ කම්බිවලින් තනන ලද දේශසීමා බාධකයකි. එය සැතපුම් 420 ක් දක්වා විහිදේ. ලිතුවේනියානු නායකයන් පෙන්වා දෙන්නේ බෙලරුස් හි සිට පළා ආ විරුද්ධ මත දරන දේශපාලකයන් රැසක් ලිතුවේනියාවේ ජීවත් වන බවයි.

ජූනි මාසයෙන් පසුව මේ දක්වා බෙලරුස් හි සිට නීතිවිරෝධී සංක්‍රමණියන් 1044 ක් පමණ සිට රටට පැමිණ ඇති බව ලිතුවේනියාව පෙන්වා දෙයි. 2020 වසරේදී මුළු වර්ෂය සඳහාම එම සංඛ්‍යාව 81 ක් පමණක් විය. මේ අනුව නීති විරෝධී සංක්‍රමණිකයන් මර්දනය සඳහා ලිතුවේනියාවට පසුගිය සතියේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට සිදු විය.

ලිතුවේනියාව, සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ එක් සාමාජිකයෙකු වන අතර, යුරෝපා සංගමයේ ‘බාහිර සීමාව‘ ලෙස ලිතුවේනියාව සලකයි. ලිතුවේනියාවේ ජනපතිවරයා වන්නේ ඒකාධිපතියෙකු ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය.

පසුගියදා විසම්මුතික මාධ්‍ය වේදියෙකු සහිත රයන්එයා ගුවන්යානාවක් බලෙන් හරවා වෙනතකට ගෙන යාම සම්බන්ධයෙන් ද දැඩි දෝෂදර්ශනයට ලක් වූ රටකි.

ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ගැන නැවත නැවතත් මෙසේ කියා ඇත.

‘‘කවුරුහරි හිතනව නම් අපි පෝලන්තය ලැට්වියාව සහ යුක්රේනය අතර තියෙන දේශසීමා වහල දාලා ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව සහ ටියුනීසියාව වගේ රටවල්වලින් පළා එන අයට කඳවුරක් බවට පත් වේවි කියලා, ඒ අයට වැරදිලා!‘‘

මේ ප්‍රකාශය, ට්‍රම්ප් ගේ මුස්ලිම් විරෝධී සහ සංක්‍රමණික විරෝධී ප්‍රකාශ සමග අතිශයින්ම සමාන ය.

පෙර ලිපි

ආණ්ඩුව වහනවා – හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තාප්පය හදනවා – ට්‍රම්ප් කියයි

තාප්පය ඕනෑමයි! – ට්‍රම්ප් නැවත කියයි.

බයිඩන් පැරිස් දේශගුණික සම්මුතිය සමග නැවත එක්වෙයි – තාප්පය නතර වෙයි – මුස්ලිම් තහනමත් ඉවතට!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි