×

ට්‍රම්ප් පරාද වෙලා ගෙදර යන්න බෑ කියන්නෙ හරියට ලංකාවේ ,කෙන්යාවේ, සිම්බාබ්වේ නායකයො වගේ – හිටපු අයිරිෂ් ජනපතිනිය මේරි රොබින්සන් කියයි

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජය වීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිළිනොගැනීම, හිටපු අයිරිෂ් ජනපතිනී මේරි රොබින්සන් විසින් සමාන කළේ ‘‘කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ හි තත්වයට‘‘ ය.


මේ රටවල පවතින අවිනිශ්චිත සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන්ට මේරි රොබින්සන් ට්‍රම්ප්ගේ හැසිරීමේ තත්වය සමාන කළාය.

“It is shocking to have to raise concerns about US democratic processes as The Elders have previously commented on volatile and undemocratic situations in states such as Kenya, Sri Lanka and Zimbabwe,

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණය ඇගේ දෝෂ දර්ශනයට ලක් විය.

ට්‍රම්ප්ගේ මෙම හැසිරීම, ඇමරිකානු දේශසීමාවෙන් ඔබ්බට විහිදෙන විශාල අනිටු ප්‍රතිඵල ඇති කරනු ඇතැයි ද ඇය මෙහිදී පැවසුවාය.

ට්‍රම්ප්ට පෙර අවසාන වශයෙන් බලයේ සිටි රිපබ්ලිකන් ජනපතිවරයා වූ ජෝර්ජ් ඩබ්. බුෂ් පවා මේ වන විට බයිඩන් හට සුබ පතා ඇති බව මේරි රොබින්සන් පැවසුවේ, දැනට ජීවතුන් අතර සිටින සියලු ඇමරිකානු ජනපතිවරුන් බයිඩන් ගේ ජයග්‍රහණය පිළිගෙන ඇති බව පෙන්වා දෙමිනි. ඇමරිකානු මැතිවරණයේ ප්‍රතිඵල පැහැදිලි සහ සාධාරණ බව පෙනී යන බව ද ඇය තවදුරටත් පැවසුවාය.

ඇය නියෝජනය කරන The Elders නමැති සංවිධානය සාමය, යුක්තිය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියි. 2007 වසරේදී පිහිටුවා ගත් එම සංවිධානයේ නිර්මාතෘවරයා නෙල්සන් මැන්ඩෙලා වේ.

හිටපු අයර්ලන්ත ජනපතිනිය දේශගුණික විපර්යාස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිය හඬ අවදි  කරන අයෙක් ලෙස ප්‍රකට අතර, වරක් ඇය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව හඳුන්වා දුන්නේ ”bully” හෙවත් ‘දාමරිකයෙක්‘ ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි