×

ට්‍රම්ප් – බෝල්සනාරෝ, ජසින්ඩාගෙන්වත් ඉගෙන ගන්න!

මේ වන විට නවසීලන්තය තුළ අවසන් කොරෝනා ආසාදිතයාත් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර දේශ සීමා හැර අද මධ්‍යම රාත්‍රියේ සිට  රට තුළ පනවා තිබූ සියලු සීමා ලිහිල් කිරීමට නවසීලන්ත රජය කටයුතු කර තිබේ. 


මේ වන විට නවසීලන්තය තුළ අවසන් කොරෝනා ආසාදිතයාත් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර දේශ සීමා හැර අද මධ්‍යම රාත්‍රියේ සිට  රට තුළ පනවා තිබූ සියලු සීමා ලිහිල් කිරීමට නවසීලන්ත රජය කටයුතු කර තිබේ.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික විශේස අවස්ථා, සිල්ලර වෙළඳාම, ආගන්තුක සත්කාරය, පොදු ප්‍රවාහන සේවය සහ දේශීය සංචාර යන සියල්ල සඳහා කිසිදු සීමාවකින් තොරව අවසර දීමටයි නවසීලන්තය තීරණය කර තිබෙන්නේ.

පසුගිය පෙබරවාරි 28 සිට මේ දක්වා කිසිදු ආසාදිතයෙක් රට තුළින් හමු වී නැති අතර සති 7ක පමණ කාලයක් දැඩි නීති  හමුවේ රට වසා දැමීමට නවසීලන්තය කටයුතු කර තිබුණි.

එපමණටම සාර්ථක ලෙස ඔවුන් වෛරස පරාජය කර තිබෙන අතර අගමැති  ජසින්ඩා ආඩෙර්න් පවසන්නේ වෛරසය මර්දනය සඳහා පෙර නොවූ විරූ ලෙස නවසීලන්තය එක්සත් වී සිටින බවයි.

වෛරසය මර්දනය කිරීම කාලයාගේ ඇවෑමෙන්  නොව තිරසාර ලෙසම සිදු විය යුතු අතර යළිත් වරක්  ආසාදිතයින් හමුවිය  හැකි බවටද අගමැතිනිය අනතුරු අඟවා තිබේ.

දේශසීමා තවදුරටත් වසසා තබමින් ඇය පවසන්නේ වෛරසය ආනයනය කර ගැනීම අපගේ ඉලක්කය නොවන අතර පළමු ආරක්ෂක මාර්ගය  ලෙස දේශසීමා වසා තබන බවද අගමැතිනිය පවසා ඇත.

යළි පළමු මට්ටමට  යා නොහැකි නිසා එම සීමාව තුළ රැඳී සිටීමට සිදුවන බවයි ඇය කියා තිබෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි