×

ට්‍රම්ප් රෝහල්ගත කරයි – තත්වය බරපතළ බවට සැකයක්

ඊයේ දිනයේ කොවිඩ්-පොසිටිව් බව තහවුරු වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට රෝහල්ගත කර ඇති අතර, ඉදිරි දින කිහිපයක ඔහු රෝහල්ගත ව සිටිනු ඇති බව පැවසේ.


ඊයේ දිනයේ කොවිඩ්-පොසිටිව් බව තහවුරු වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට රෝහල්ගත කර ඇති අතර, ඉදිරි දින කිහිපයක් ඔහු රෝහල්ගත ව සිටිනු ඇති බව පැවසේ.

වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටින ඔහුගේ තත්වය බරපතළ බවට ඇතැම් වාර්තාවල සඳහන් වුවත් නිල වශයෙන් ඒ බව තහවුරු වී නැත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ වාර්තා වූයේ ට්‍රම්ප්ගේ තත්වය බරපතළ නොවේ නම් ඔහුට ධවල මන්දිරයේ සිට රෝග කළමනාකරණය කළ හැකි බවයි. තත්වය බරපතළ වන්නේ නම් පමණක් ගුවනින් වෝල්ටර් රීඩ් වෙත ගෙන යන බව පවසා තිබිණි. මේ අනුව ට්‍රම්ප්ගේ තත්වය බරපතළදැයි සැකයක් මතුව තිබේ.

ඔහු අද උදෑසන සිට උණ තත්වයෙන් පෙළෙන බව විශ්වාසනීය ආරංචි මාර්ගවලින් දැනගත් බව CNN පුවත් සේවය පවසයි.

74 හැවිරිදි ට්‍රම්ප්ගේ මෙම වයස්ගත බව ද කොවිඩ් අවදානම ඉහළ දැමීමට හේතුවක් බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි. ජනපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට අදාළ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර පසුගිය අඟහරුවාදා දිනයේ ජනපතිවරයා සමග සජීවී විවාදයට එක් වූ ජෝ බයිඩන් ජනාධිපති අපේක්ෂකයා පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී නොමැති බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි