×

ට්‍රම්ප් ළඟින්ම සිටින උපදේශිකාව- හෝප් හික්ස්ටත් කොරෝනා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමීපතමයෙක් වන හෝප් හික්ස් කොවිඩ් පොසිටිව් වී ඇති බව නවතම වාර්තා හෙළි කරයි.


ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකවරියක් මෙන්ම ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේදී එහි ප්‍රචාරණ උපදේශිකාවක් ලෙස වැඩ කළ හෝප් හිකිස්, පසුගිය අඟහරුවාදා ඔහායෝ හි පැවැත්වුණු ෆොක්ස් නිව්ස් රූපවාහිනී විවාදය සඳහා ද ඩොනල්ඩ් ට්‍රම්ප් සමග මිනසොටා ජනපදය බලා එකම හෙලිකොප්ටරයෙන් ගමන් කළාය.

බදාදා දිනයේ ද ජනාධිපතිවරයා ඇය සමග මැරීන් වන් හෙලිකොප්ටරයකින් ගමන් කළ බව ද සීඑන්එන් පුවත්සේවය පවසයි.

31 හැවිරිදි හෝප් හික්ස්, අඟහරුවාදා දිනයේදී ද දැකගත හැකි වූයේ ට්‍රම්ප් මෙන්ම මාස්ක් එකක් පවා පැළඳීමකින් තොරව ය.

දැන් ධවල මන්දිරය ඇය සමග සමීපයෙන් සිටි සියලුම දෙනා කොරෝනා වෛරස් පරීක්ෂාවට ලක් කරමින් සිටියි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසුව ඇය, ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව බවට පත් කරනු ලැබිණි. 2018 වසරේදී රූපට් මර්ඩොක්ස්ගේ ෆොක්ස් නාලිකාවේ සන්නිවේදන ප්‍රධානියා ලෙස ධවල මන්දිරයෙන් ඉවත් වූ නමුත්, නැවතත් 2019 පෙබරවාරි මාසයේදී ධවල මන්දිරයට පැමිණියාය.

හෝප් හික්ස් ඉස්සර කවුද?

  • හෝප් හික්ස් මෝස්තර නිරූපිකාවක් වූ අතර රැල්ෆ් ලෝරන් සමාගමේ වෙළඳ දැන්වීමක ද පෙනී සිට ඇත.
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ විලාසිතා සමාගමේත් ට්‍රම්ප් ඕගනයිසේෂන්හි දේපළ සන්නාමයක් ලෙසත් ඇය කටයුතු කර තිබේ.
  • ට්‍රම්ප් විසින් ඇයව 2014 වසරේදී සිය ප්‍රචාරණ ව්‍යාපෘතියට සම්බන්ධ කර ගන්නේ ට්‍රම්ප් ඕගනයිසේෂන් සමග සම්බන්ධ වී වසරකට පසුව ය.
  • ඒ වන විට ඇයට කිසිදු දේශපාලන අත්දැකීමක් තිබුණේ නැත.
  • ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයව ප්‍රසිද්ධියේ හඳුන්වන්නේ “Hopester” යනුවෙනි.
  • BBC පුවත් සේවයට අනුව ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වඩාත්ම විශ්වාසනීය අයෙක් වන අතර, ට්‍රම්ප්ගේ මතයන් වෙනස් කිරීමට පවා හැකියාව තිබෙන කිහිප දෙනාගෙන් අයෙකි.

කෙසේ නමුත් මේ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් වද අනිවාර්යයෙන්ම නැවත වරක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමට සිදුවනවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි