×

ට්‍රම්ප් United States හෙවත් එක්සත් ජනපදය Divided State හෙවත් ‘බෙදුණු ජනපදයක්‘ කළ හැටි ඔබාමා කියයි

ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාම මිලියන 70කට වඩා ඡන්ද ලබා ගෙන ඇති එක්සත් ජනපද ඡන්ද ප්‍රතිඵල විසින් පෙන්වා දෙන්නේ රට කොතරම් අමිහිරි ලෙස බෙදී ගොස් ඇත්ද යන්න යැයි බරාක් ඔබාමා කියා සිටියි.


“එය පෙන්වා දෙන්නේ අප තවදුරටත් දැඩි ලෙස බෙදී සිටින බව යි. එම ඡන්ද දායකයන් උකහා ගන්නා ජනමාධ්‍යවලින් ඉදිරිපත් කරන විකල්ප මතවාදය — එය ඉතා වැදගත්” හිටපු ජනාධිපතිවරයා CBS News හි ගේල් කිං වෙත කියා සිටියේ ය.

එය ඔහු කණස්සල්ලට පත් කරන්නේ දැයි විමසු විට, “ඔව්, අප සම්පූර්ණයෙන් ම වෙනස් කරුණු රාශීන් දෙකක් මත කටයුතු කරන්නේ නම්, එය අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අපහසු යි” යැයි ඔහු කියා සිටියේ ය.

නොවැම්බර් 17 වැනි නිකුත් වූ බරාක් ඔබාමා ගේ මතක සටහන් පොත  වන  A Promised Land හි පළමු වෙළුම ප්‍රකාශයට පත් වීම නිමිත්තෙන් මේ වන විට සම්මුඛ සාකච්ඡා මාලාවක් පැවැත්වෙන අතර, ඒවා විශාල ජාත්‍යන්තර අවධානයක් ද දිනාගෙන තිබේ.  මේ ග්‍රන්ථය ඔබාමා ගේ ළමා විය සහ 2008 ඓතිහාසික ඡන්ද ව්‍යාපාරයට පෙර දේශපාලනයට අවතීර්ණ වීම පෙළගස්වයි. එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජාතිවාදී දේශපාලනයට මුහුණ දුන් අන්දම ද, ඒ හරහා 2008 මැතිවරණය අමිහිරි සහ බෙදුම්වාදී වියවුලක් බවට පත් වූ ආකාරය යෝජනා වන අන්දම ද මෙහි අන්තර්ගත ය.

 හිටපු ජනාධිපති ඔබාමා ඔහු ප්‍රසිද්ධියේ ඔහු ගේ හිටපු උප ජනාධිපති ද වන ජෝ බයිඩන් වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී පෙනී සිටීම පිළිබද කියා සිටියේ ඔහු ගේ අනුප්‍රාප්තිකයා වන ඩොන්ල්ඩ් ට්‍රම්ප් සම්බන්ධය වාතාවරණයන් ඔහුට ට්‍රම්ප්‍ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට පෙළඹවූ බව යි. — මෙය හිටපු ජනාධිපතිවරුන් සාමාන්‍යයෙන් නොකරන දෙයකි.

“එසේ කිරීම මගේ කැමැත්ත නොවෙයි,” ඔහු කිං වෙත කියා සිටියේ ය. “මම සිතන්නේ මෙම මැතිවරණයේ දී අප ඉතා වැදගත් සිරිත් සහ අගයකිරීම් බිඳ වැටුණු වාතාවරණයක සිටියා. එම තනතුරේ සේවය කර ඇති පුද්ගලයකු වශයෙන් පුද්ගලයන්ට ‘මෙය සාමාන්‍ය නොවේ’ යන්න දැනුම් දීම මට ඉතා වැදගත්.”

ඡන්ද ප්‍රතිඵල පිළිගැනීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇත්තේ දිගින් දිගටම මෙම ඡන්දය දෝෂ සහගත බව ප්‍රකාශ කරමින් සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව කියමිනි. ට්‍රම්ප් පරිපාලනයේ සිට, බයිඩන්-හැරිස් පරිපාලනය වෙත නිල වශයෙන් එක්සත් ජනපදයේ පරිපාලනයේ සංක්‍රාන්තිය මේ නිසා එක තැන නතර වී තිබේන ආකාරයක් පෙනෙන්නට තිබේ.

වෙනත් සම්මුඛ සාකච්ඡාවාක දි ඔබාමා රිපබ්ලිකන් නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේ ට්‍රම්ප් ගේ දෝෂ සහිත ඡන්ද වංචා චෝදනාවලට සහය දීම හේතුවෙනි. “අපේ දරුවන් මෙයාකාරයට හැසිරෙන්නේ නම් අපි එය කිසි සේත් ම පිළිගන්නේ නැහැ. මගේ දියණියක් යම් තරඟයකට ගිහින් පරාද වී අනෙක් පාර්ශවය වංචා කළේ යැයි චෝදනා කරන්නේ නම් සහ එසේ වංචාවක් කළ බවට සාක්ෂි නැතිනම් අපි ඇයට දොස් කියනවා.” ඔබාමා කිවේ ය.

‘‘ජනාධිපතිවරුන් කියන්නේ තාවකාලික ලෙස ධුරයක් හොබවන අය පමණයි‘‘ – ඔබාමා

ජනාධිපතිවරුන්  එම ධූරය තාවකාලික ව හොබවන්නන් බව ද ඔහු කියා සිටියේ ය.

“ඔබේ කාලය පැමිණි විට, ඔබ කළ යුත්තේ රට පෙරට තබා ඔබේ මමත්වය, ඔබේ උවමනාකම් සහ ඔබේ අපේක්ෂාභංගත්වය පසෙක ලීම යි” ඔබාමා පවසයි.

“ජනාධිපත් ට්‍රම්ප්ට මගේ උපදෙස නම්, ඔබට ඔබේ රටට මූලිකත්වය දුන් තැනැත්තකු ලෙස සිටින්නට අවශ්‍ය නම් මේ එය කිරීමට කාලය බවයි.”

සාමකාමී සංක්‍රාන්තියක් පිළිබද අදහස් දක්වමින්, ඔබාමා “එය තාවකාලික රැකියාවක්. අප නීතිවලට ඉහළින් සිටින්නේ නැහැ. මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරය යි” යැයි කීවේ ය.

ඔහු ජෝ බයිඩන් වෙත දෙන උපදෙස් පිළිබඳ  විමසූ විට ඔබාමා මෙසේ කීවේය.

‘‘ඔහුට උපදෙස් අවශ්‍ය නැහැ. නමුත් මම හැකි අයුරින් ඔහුට සහාය වෙනවා..‘‘

“මම එක්වරම ධවල මන්දිරයේ රැකියාවට යනවා වගේ දෙයක් කරන්නේ නැහැ, මිෂෙල් මා අතැර යාවි,” ඔහු හිටපු ජනාධිපති ආර්‍යාව පිළිබඳ සුපුරුදු සැහැල්ලුවෙන් විහිළු කළෙය්. . “එයා අහයි, ඔයා මොනවද මේ කරන්න යන්නෙ කියලා..‘‘

ට්‍රම්ප් දිගින් දිගටම ඔබාමා විවේචනය කර ඇති මුත්, ඒවා තමා දැඩිව නොසලකන බව ඔබාමා කියා සිටියි.

“ඔහු කියන බොහෝ දෙවල් මම පෞද්ගලිකව හෝ දැඩිව නොසැලකුවත්, ඒ වදන් විනාශකාරී සහ හිංසාකාරී බව මම හිතනවා”.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි