×

ටැන්සානියා ජනාධිපති මිය යයි – කොවිඩ් 19 ආසදිතයෙක් බවටත් සැකයක්

ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මහතා හදියේ අභාවප්‍රාප්ත වී තිබේ.


61 වැනි වියේ පසු වූ ටැන්සානියා ජනාධිපතිවරයා මිය ගොස් ඇති බව එරට උප ජනාධිපතිවරිය  විසින් රජය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබෙන අතර මිය යාමට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබධයකි.

කෙසේවෙතත් සති දෙකක පමණ කාලයක් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවත් විපක්ෂ දේශපාලකයින් දක්වා තිබුණේ ඔහු කොවිඩ් ආසාදනය වී සිටින බවයි.

කොරෝනා වෛරසය මර්දනය සඳහා ටැන්සානියාව තුළ බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා යාඥා කිරීමත් ඖෂධ පැළෑටි වලින් සකස් කරන ලද ඖෂධයක් වාෂ්පයෙන් ඇල්ලීම් වැනි ක්‍රම සඳහා මූලිකත්වය දී තිබුණේ මෙම ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයාගේ අභාවයත් සමඟ එරට දින 14ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබෙන බව උප ජනාධිපතිවරිය  නිවේදනය කර ඇත.

එරට ව්‍යවස්ථාව අනුව උප ජනාධිපතිවරිය ජනාධිපතිධුරයේ දිවුරුම් දීම සිදුවනු ඇති.

ජනාධිපතිවරයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ පසුගිය 27 වැනි දිනය.

මේ අතර අගමැති කසීම් මජලීවා පසුගිය සතියේ අවධාරණය කර තිබුණේ ජනාධිපතිවරයා “සෞඛ්‍ය සම්පන්න සහ වෙහෙස මහන්සි වී වැඩ කරන” බවය.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි