×

ටියුනීසියාවේ අගමැති පන්නා දමයි!

රට පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලින් පසුව ටියුනීසියාවේ අගමැති ධුරයෙන් ඉවත් කර තිබේ. ඒ සමගම පාර්ලිමේන්තුව ද අත්හිටුවා ඇත.


උද්ඝෝෂකයන්ගේ හඬට අවනත වූ ටියුනීසියානු ජනපති කායිස් සයිද් නිවේදනය කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරාගන්නා බවයි.

අගමැති හිකෙම් මෙචිචි ඉවත් කිරීම ‘පන්නාදැමීමක්‘ ලෙස සලකන උද්ඝෝෂකයන්, ඒ සම්බන්ධයෙන් සිය ප්‍රීතිය පළ කරන ආකාරය ද ඊයේ දිනයේ දැකගත හැකි විය. ‍

කෙසේ නමුත් දේශපාලන විරුද්ධවාදීන් පවසන්නේ මෙය කුමන්ත්‍රණයක් බවයි.

පාලක එන්නාධා පක්ෂයට එරෙහිව පසුගිය සමයේ රට පුරා උද්ඝෝෂණ දැක ගත හැකි වූ අතර, දහස් ගණන් දෙනා එයට සහභාගි වූහ. පළාත් බද ව ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තා විය.

ඉදිරියේදී ද ප්‍රචණ්ඩක්‍රියා ඇති වේ නම් ඒවා හමුදා බලය යොදා මර්දනය කරන බව මේ අතර ටියුනීසියා ජනපතිවරයා කියයි.

2011 වසරේ ‘අරාබි වසන්තය‘ ඇරඹුණේ ද ටියුනීසියාවෙනි. එය කලාපීය වශයෙන් රැල්ලක් ලෙස ලොව පුරා පැතිරී ගියේ ලිබියාවේ මුවර් ගඩාෆි ඇතුළු දශක ගණන් බලයේ සිටි ඒකාධිපති පාලකයන් බිහිසුණු ලෙස ඝාතනයට ලක් කිරීමෙනි. කෙසේ වෙතත්, අරාබි වසන්තයට දායක වූ බොහෝ රටවල අද දක්වා ද දේශපාලන ස්ථාවර භාවයක් දැකගත නොහැක.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි