×

ටෘෘඩෝගේ කැනඩාවට නැවත වරක් සුළුතර ආණ්ඩුවක්

අතුරු මැතිවරණයක් වශයෙන් මෙවර පැවැත්වුණේ කැනඩාවේ 44 වැනි මහ මැතිවරණයයි


කැනඩාවේ 44 වන මහ මැතිවරණයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝගේ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කළත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය රැක ගැනීම ඔවුන්ට දුෂ්කර කාර්යයක් වී තිබේ.

කොන්සවේටිව් ප්‍රතිවාදියා වූ එරීන් ඕ‘ටුල්ට ට එරෙහිව දැඩි තරගයක් දැකගත හැකි වූ මෙම මැතිවරණයේදී බහුතර බලය රැක ගැනීමට අවශ්‍ය ආසන 170 වෙනුවට ආසන 157 ක් දිනාගත්තේය. රටේ ප්‍රකාශිත ඡන්දවලින් 95%ක් ගණන් තබා අවසන් වන විට පැවති තත්වය වූ මෙහිදී කොන්සවේටිව් ප්‍රතිවාදී ඔ‘ටූල් ආසන 122 ක් ලබාගෙන තිබිණි.

තීරණාත්මක ආසනවල ජයග්‍රහණය වාමාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ බ්ලොක් කියුබිකොයිස් නමැති බෙදුම්වාදී පක්ෂය අතර බෙදී යනු ඇතැයි වාර්තා වේ.

මේ අනුව කැනඩාවේ නැවත වරක් බිහිවනු ඇත්තේ සුළුතර ආණ්ඩුවකි. ගතවූ වසර 2 ක කාලය තුළ ද ජස්ටින් ටෘෘඩෝ විසින් මෙහෙයවනු ලැබුවේ සුළුතර ආණ්ඩුවක් වීම විශේෂත්වයකි.

කෝවිඩ්-19, දේශගුණික විපර්යාස, නිවාස ගැටළුව සහ ගිනි අවි පාලනය මෙවර කැනඩා අතුරු මැතිවරණයේ ප්‍රමුඛ මාතෘකා බවට පත් ව තිබිණි.

මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ජස්ටින් ටෘෘඩෝ කාන්තාවකගේ ප්‍රහාරයකට ද ලක් වූ ආකාරය පුවත් මවා තිබිණි.

පෙර ලිපි

වසංගතය නිසා ජස්ටින් ටෘෘඩෝ ටත් මිනිසුන් ගල් ගසන යුගයක්!

නව අගමැති වරයෙකු තොරා ගැනීමට කැනේඩියානු ජනතාව පෙළගැසෙයි.. ටෘෘඩෝ යළිත් අගමැති වන ලකුණු



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි