×

ටෙක්සාස් හී වාහන 133ක් එකිනෙක ගැටීමෙන් 6ක් මරු​ට

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.


ටෙක්සාස් ප්‍රාන්තයේ Fort Worth මාර්ගයකදී වාහන 133 කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි උදෑසන 6.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත. ඊන් පුද්ගලයන් 65කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු වී ඇති බව ද වාර්තා වේ.

පුද්ගලයින් 3 දෙනෙකු පමණ බරපතළ තත්ත්වයේ පසු වන අතර බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

කිහිප දෙනෙකු මෝටර් රථ තුළ සිරවී සිටි බවට විදෙස් වාර්තා වල සදහන් වේ.

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.

[embedyt]https://youtu.be/n6Rxfnxmtbk[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි