×

ටොම් හෑන්ක්ස් ට කොරෝනා – දැන් තරමක් සුවයි – හොලිවුඩය අඩපණයි!

සුපිරි හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් Covid-19 වෛරසය ශරීරගත වීමෙන් පසුව සතියක පමණ කාලයක් රෝහල් ගත වී ප්‍රතිකාර ලබාගත්තේය.


‘not great … but feeling better every day’- අද දින ඔහු සිය නවතම සෞඛ්‍ය තත්වය පිළිබඳ පණිවුඩයක් තබා තිබෙන්නේ එසේ ය. එයින් අදහස් වන්නේ තවමත් ඉතා හොඳින් සුවය ලබා නැති නමුත් දිනපතා සුවවෙමින් සිටින බව ය. මේ වන විට ඔහු සෙල්ෆ් අයිසොලේෂන් හෙවත් ‘තමන්ම හුදෙකලා වී‘ ජීවත් වීම සිදු කරයි. ඔහු සමගම රෝගයට ගොදුරු වූ බිරිඳ, නිළියක සහ ගායිකාවක වන රීටා විල්සන් පමණක් දැන් ඔහු ළඟ හිඳියි. දෙදෙනා කාඩ් ක්‍රීඩා කරමින්ද, රෙදි නමමින් ද කෝරස් කියමින් ද කල් ගත කරන බව අද දිනයේ දැනගන්නට ලැබෙන්නේ ඔවුන් විසින් සමාජ මාධ්‍ය ජාලවල පළ කළ පෝස්ටුවකිනි. ඔස්ට්‍රේලියාවට එන විටටොම් හෑන්ක්ස් විසින් ගෙන ආ මෙම ටයිප්රයිටරයේ වර්ගයත් ‘කොරෝනා‘ වීම නිසා ඔහු විසින් මෙය පළ කරන්නේ එහි ඡායාරූපයක් ද සහිතව ය.

සුව වූ නමුත්, උණ තත්වය නොමැති නමුත් තවමත් සෙසු රෝග ලක්ෂණ පවතින බව ද එහි සඳහන් වේ.

ටොම් හෑන්ක්ස්, බිරිඳ රීටා සහ ටොම් හෑන්ක්ස්ගේ ‘කොරෝනා‘ වර්ගයේ ටයිප් රයිටරය

සුපිරි නළු ටොම් හෑන්ක්ස් සහ බිරිඳ අසනීප වී ක්වීන්ස්ලන්ඩ් රෝහලට ඇතුළත් කළේ ඔහුගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරන අතරවාරයේ ය. එම චිත්‍රපටය එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිත කතාවේ ප්‍රතිනිර්මාණයකි. සම්මානනීය චිත්‍රපටයක් වන ‘ද ග්‍රේට් ගැට්ස්බි‘ හි අධ්‍යක්ෂවරයා වන බාස් ලර්මාන් (Baz Luhrmann) සත් වසරක නිහැඬියාවෙන් පසු හොලිවුඩයට නැවත සම්ප්‍රාප්ත වන්නේ Elvis Presley අධ්‍යක්ෂණයත් සමගිනි. අද වන විට ඔහු නිල වශයෙන් දැනුම් දී තිබෙන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නතර කළ බවයි. ටොම් හෑන්ක්ස් සුව වී පැමිණෙන තෙක් එහි වැඩකටයුතු ආරම්භ නොවනු ඇත.

එල්විස් ප්‍රෙස්ලි

‘එල්විස්‘ චිත්‍රපටයේ පමණක් නොව The Batman, The Matrix 4, Jurassic World: Dominion සහ Shang-Chi and the Legend of the Ten Rings ඇතුළු හොලිවුඩයේ ප්‍රධාන චිත්‍රපට ගණනාවකම වැඩ ගතවූ සතියේදී නතර කර දැමීම සිදුවිය.

මේ වන විට කොරෝනා ආසාදනයට ගොදුරු වූ ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉඩ්රිස් එල්බා සහ ඩැනියෙල් ඩේ කිම් ද වෙති. කොරෝනා වසංගතය හිස ඔසවන විට හොලිවුඩයේ ආසියාතිකන්ට එරෙහිව වර්ගවාදය හිස ඔසවන විට ‘ආසියාතිකයන්ට එරෙහිව අගතීන් සිදුකිරීම වළක්වන්න‘ යැයි කීවේ ‍දකුණු කොරියාවේ උපත ලද ඩැනියෙල් ඩේ කිම් ය. එයට පාදක වූ සිදුවීම වූයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොවිඩ්-19 ‘චයිනීස් වෛරස්‘ යනුවෙන් හැඳින්වීමයි.

TORONTO, ON – SEPTEMBER 10: Actor Idris Elba speaks to the media at the premiere of “The Mountain Between Us” during the 2017 Toronto International Film Festival at Roy Thomson Hall on September 10, 2017 in Toronto, Canada. (Photo by J. Countess/WireImage)

Please, please stop the prejudice against Asian people’American actor Daniel Dae Kim in January. Photograph George Pimentel-GC Images

දැන් නැවතත් ටොම් හෑන්ක්ස් වෙත හැරෙමු.

63 හැවිරිදි ටොම් හෑන්ක්ස් ඇමරිකාවේ අතිශයින්ම ජනප්‍රිය හා සාර්ථක නළුවෙකි. ඇකඩමි සම්මාන 2 ක් පිට පිට දිනාගත් ඔහුගේ චිත්‍රපට ලැබිස්තුවට Philadelphia (1993), Forrest Gump (1994), Saving Private Ryan (1998), Catch Me If You Can (2002) ඇතුළු චිත්‍රපට ගණනාවක් ඇතුළත් ය. එමෙන්ම තිර රචකයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ චිත්‍රපට උතුරු ඇමරිකාවේදී ඩොලර් බිලියන 4.9 ක ආදායමක්ද, ලොව පුරා ඩොලර් බිලියන 9.96 ක ආදායමක් ද ලබා ඇත. ඇමරිකාවේ පස්වැනුවට ඉහළම ආදායමක් උපයන නළුවා වන්නේ ඔහු ය.

නමුත් ඔහුගේ මේ කිසිදු හපන්කමකට හෝ ඩොලර් මිලියන 390ක් වන ඔහුගේ ධන සම්භාරයට හෝ ඔහුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගන්නට නොහැකි විය. දැන් ඔහු සිය බිරිඳ සමග තනිව උයා පිහාගෙන, දුරකථනයෙන් හා අන්තර්ජාලයෙන් පමණක් ලෝකය සමග සබඳතා පවත්වමින් සමාජයීය වශයෙන් හුදෙකලා ජීවිතයක් ගත කරයි.

මිනිසා සමාජ සත්වයෙක් බවට සැකයක් නැත. නමුත් සොබාදම් දිනිතිය විසින් මේ කොරෝනා වසංගතයේදී අපට උගන්වා තැබූ ලොකුම පාඩම ධනය හෝ බලය ට සොබාදහම යටපත් කළ නොහැකි බවයි. අපි අද ෂට්ඩවුන් වී සිටිමු. බිත්ති හතරක් මැද ලොක්ඩවුන් වී සිටිමු. නමුත් සුපුරුදු පරිදි සෑම උදෑසනකම ඔබේ කාමරයේ ජනේලයෙන් කුරුළු කූජන නද ඇසෙනු ඇත. මල් පිපෙනු ඇත. ඉර පායනු ඇත. සොබාදහම සැමවිටම මිනිසාට වඩා බලවත් ය. එය කිසිවිටෙක ‘ෂට්ඩවුන්‘ හෝ ‘ලොක්ඩවුන්‘ නොවේ.

[embedyt] https://www.youtube.com/watch?v=9CiW_DgxCnQ[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි