×

ඩාර්ෆූර්හි ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 100 මරුට

යුද්ධයෙන් විනාශයට පත් වූ සූඩානයේ පසුගිය සතිය පුරා ගෝත්‍රික ගැටුම් හේතුවෙන් මිය යන ලද පිරිස 100 පමණ වන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (U.N.refugee agency) ප්‍රකාශයට පත් කර තිබේ. පවතින තත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්තුමා කියා සිටියේ බටහිර ඩාර්ෆූර්හි කුල්බස් නගරයේ අරාබීන් හා අප්‍රිකාන් ගෝත්‍රිකයන් අතර ඉඩම් සම්බන්ධ ඇතිවූ […]


යුද්ධයෙන් විනාශයට පත් වූ සූඩානයේ පසුගිය සතිය පුරා ගෝත්‍රික ගැටුම් හේතුවෙන් මිය යන ලද පිරිස 100 පමණ වන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (U.N.refugee agency) ප්‍රකාශයට පත් කර තිබේ.
පවතින තත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්තුමා කියා සිටියේ බටහිර ඩාර්ෆූර්හි කුල්බස් නගරයේ අරාබීන් හා අප්‍රිකාන් ගෝත්‍රිකයන් අතර ඉඩම් සම්බන්ධ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම් උත්සන්න වූ  බවයි. පසුව අරාබි සටන්කාමීන් විසින් ප්‍රාදේශීය ගම්මාන කිහිපයකට පහර දී ඇති අතර දහස් ගණනක් වූ සාමාන්‍ය ජනයාට ඉන් පලා යාමට සිදු ව තිබේ.

මෙම ගැටුම් ඩාර්ෆූර්හි ගෝත්‍රික ප්‍රචණ්ඩත්වයේ නවතම තත්වයයි. එය සිදු වූයේ හමුදා කුමන්ත්‍රණයකින් රට අර්බුදයක ගිලී ඇති අවස්ථාවකය. පසුගිය වසරේ අග භාගයේ ගෝත්‍රික ප්‍රචණ්ඩත්වය හා ඩාර්ෆූර්හි සටන්වල වර්ධනය හේතුවෙන් මිය යන ලද සංඛ්‍යාව 200 ඉක්මවා ඇත.
මෙම ගැටුම් හේතුවෙන් ගම්මාන 20කට වැඩි ප්‍රමාණයක් ගිණිගෙන විනාශව ඇති බවත්, පිලිස්සුණු මළ සිරුරු 62 පමණ දැවී ගිය නටඹුන් අතර වන බවත්, බොහෝ පුද්ගලයන් තව දුරටත් හඳුනාගෙන නොමැති බවත්, ගෝත්‍රික නායකයෙකු වන අබ්කාර් අල්-ටූම් විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.
බලධාරීන් විසින් මෙම ප්‍රදේශයනට භට පිරිස් යොදවා ඇති අතර පසුගිය සතියේ පැවැති යුද්ධයෙන් අවම වශයෙන් පවුල් 5,000 පමණ අවතැන්ව ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙකු වන අබ්බාස් මුස්තාෆා ප්‍රකාශ කර ඇත. එමෙන්ම වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මධ්‍යස්ථ ඒකාබද්ධ හමුදාවක් ඉල්ලා සිටියද, ඒ වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් නොමැති හෙයින් ප්‍රචණ්ඩත්වය දිගටම පවතිනු ඇත. මේ ‌හේතුවෙන් ගොවියන්ට මෙම කණ්නය වගා කිරීමට නොහැකි වුහොත්, කෘෂි කර්මාන්තය අසාර්ථක වනු ඇති බව ඔහු වැඩිදුරටත් පුකාශ කර ඇත.
කෙසේ වෙතත් ප්‍රචණ්ඩත්වයෙන් බැට කන ඩාර්ෆූර් වෙත ආරක්ෂාව ගෙන ඒමට සූඩාන හමුදා නායකයන්ට හැකියාවක් පවතීද යන්න මතභේදාත්මකය. 2020 දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එහි සාම සාධක මෙහෙයුම අවසන් කළේය.
2019 වසරේ බලයෙන් නෙරපා හරින ලද දා සිට සිරගතව සිටින ජනාධිපති අල්-බෂීර් ඩාර්ෆූර් එහි සිදු කරන ලද ජන සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අධි චොදනා ගොනු කිරීමට ලක්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි