×

ඩීන් ජෝන්ස් : අඩුවෙන් කතා කළ – වැඩියෙන් පහරදුන් ක්‍රිකට් පරපුරක ශ්‍රේෂ්ඨයා සමුගනියි

ඩීන් ජෝන්ස් අඩුවෙන් කතා කරමින් වැඩියෙන් වැඩ කළ - වැරෙන් පිත්තෙන් පහර දුන් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය. අවශ්‍ය දේ කෙටියෙන් කියූ ප්‍රබල ක්‍රිකට් විස්තර විචාරකයෙකු විය. දක්ෂ පුහුණුකරුවෙකු ද විය.


‘‘no-nonsense..‘‘ ඔහු ගැන ගාඩියන් පුවත්පත මතකය ආවර්ජනය කරන්නේ එසේ ය.

ඩීන් ජෝන්ස් අඩුවෙන් කතා කරමින් වැඩියෙන් වැඩ කළ – වැරෙන් පිත්තෙන් පහර දුන් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය. අවශ්‍ය දේ කෙටියෙන් කියූ ප්‍රබල ක්‍රිකට් විස්තර විචාරකයෙකු විය. දක්ෂ පුහුණුකරුවෙකු ද විය.

මේ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ශ්‍රේෂ්ඨයා හෘදයාබාධයක් වැළඳීම නිසා ඊයේ (24) දිනයේ සමුගත්තේ වයස 59 දී ඉන්දියාවේ මුම්බායි නුවර ය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හෙයින් ඔහු ඉන්දියාවට ගොස් සිටි නිසාය, ඒ.

එක්දින ක්‍රිකට් තරග විප්ලවයකට බඳුන් කළ ක්‍රීඩකයෙකු සේ ඩීන් ජෝන්ස් සැලකේ. බොහෝ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට මෙන් ඔහුට තමන් ගැන අවිශ්වාසයක් තිබුණේ නැත. ජීවිතයේ අවසාන සමයේදී එක්දින T20 තරග වෙත යොමු වන්නටත් T20 තරග ක්ෂේත්‍රයේ ඔහු ‘පණ්ඩිත්‘ කෙනෙක් යැයි ඉන්දියානුවන් පවසන්නටත් හේතු වූයේ එය විය හැකිය.

පාකිස්ථාන් සුපර් ලීගයේ කරච්චි කිංග්ස් (Karachi Kings) පිලට ඔහු පරණ තාලයේ නමුත්, no-nonsense coach කෙනෙකු වී සිටියේය.

1980 සහ 90 දශකවල ඔහු ඉයන් බොතම් ගේ සමකාලිීනයෙකු ලෙස ක්‍රිකට් පිටිය දෙවනත් කළේය. ඇලන් බෝඩර් ක්‍රිකට් කැප්ටන් වූ පසුව ඔහු ඔස්ට්‍රේලියානු පිලේ නැතිවම බැරි තීරණාත්මක චරිතයක් බවට පත් විය. ඔව්, විටෙක ඔහු කඩුල්ල මුවා කළේය. ඔහු සහජයෙන්ම ආක්‍රමණශීලී විය. ආවේගශීලී ලෙස කතා කරන්නෙකු ද විය.

සියලු පිතිකරුවන් සාමාන්‍ය ඉනිමක ආරම්භයේදී අවදානම් සහගත මානසිකත්වයකින් පෙළීම සාමාන්‍ය දෙයකි. නමුත් ඩීන් ජෝන්ස් පිටියට පිවිසෙන්නේ අද්වීතීය ආත්ම විශ්වාසයකිනි. ඔහු ඕනෑම ප්‍රහාරාත්මක පන්දුවක් දෙපළු කරන්නට සැරසී සිටියේය.

1984 – 1992 අතර කාලය තුළ ඔහු ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 52 ක් පමණි. එය විශාල සංඛ්‍යාවක් නොවේ. එහිදී ඔහුගේ සාමාන්‍යය ලකුණු 46 කි. ඇතැම්විට ඔහු තරග සුළු ප්‍රමාණකට සීමා වුණේ ඔහුගේ ආකල්පමය ආවේගශීලීත්වය නිසා විය හැකිය.

නමුත් ඒ ආවේගශීලී ක්‍රිකට් දිවිය තුළ බොහෝ සැමරුම් අද අපට හමු වෙයි. ඒ අතරින් 1986 චෙන්නායි තරගයේදී දෙවැනි ටෙස්ට් ඉණිම සම සම වී අවසන් වූයේ ඔහු නිසා ය. උහුළා ගත නොහැකි උෂ්ණයකදී ඔස්ට්‍රේලියාව පරාජයෙන් බේරා ගනිමින් ලකුණු 210 ක් වාර්තා කළ ඔහුව තරග අවසානයේදී සේලයින් බටයක් ද සමග චෙන්නායි රෝහලට ඇතුළත් කරනු ලැබිණි.

මේ තරගයේදී ඩීන් ජෝන්ස් අවසාන භාගයේදී ක්‍රීඩා කළේ මහත් කායික අපහසුතාවයකින් පෙළෙමිනි. පසුව කණ්ඩායමේ පුහුණුකරු වූ බොබ් සිම්ප්සන් පැවසුවේ මෙය ඔස්ට්‍රේලියානුවෙකු විසින් එදා මෙදාතුර ක්‍රීඩා කළ හොඳම ඉනිම බව ය. ඩීන් ජෝන්ස්ගේ අභාවය සැළවීමෙන් පසුව ඔහුගේ එදා නායකයා වූ ඇලන් බෝඩර් මෙසේ ට්වීට් කරයි.

“He was one of the greatest natural cricketers I’ve ever seen.”

‘‘ඔහු මා එදා මෙදාතුර දැක ඇති ශ්‍රේෂ්ඨතම ස්වභාවික පිතිකරුවන් අතරින් අයෙකි‘‘.

හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයිකල් වෝහන් මෙසේ කියයි. ‘‘මගේ වීරයෙක් නොසිතූ ලෙස ඉක්මනින් සමුගෙන ගියා..‘‘

එක්දින ක්‍රිකට් තරග පිටිය ඩීන් ජෝන්ස්ගේ පෞරුෂයට වඩාත්ම ගැළපුණේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 164 ක් ක්‍රීඩා කළ ඔහු එහිදී ලකුණු 44.61 ක සාමාන්‍යයක් සමග  අමතක කළ නොහැකි තරග වාර්තා තැබුවේය. පන්දු යවන්නා අතින් පන්දුව ගිලිහෙන්නට පෙරම පන්දුවට පහර දෙන්නට ඔහු ඉදිරියට පනින ආකාරය සුලබ දසුනක් විය. නූතන පිතිකරුවන් කිහිප දෙනෙකු මේ උපක්‍රමය අනුගමනය කළත් ඔහුගේ යුගයේදී එය දුර්ලභ දසුනක් විය.

1992 ක්‍රිකට් ලෝක කුසලානයේදී ඩීන් ජෝන්ස් ඉන්දියාවට එරෙහිව ලකුණු 90 ක් රැස් කළේය. එවර ඔස්ට්‍රේලියාව ඔහු නිසා ලකුණු 1 කින් ජයගත්තේය.

ප්‍රතිවාදීන් අමනාප කර ගන්නටද ඩීන් ජෝන්ස් නොපැකිළුණේය. 1993 වසරේ සිය ක්‍රිකට් දිවිය අවසන් කිරීමට ළංව තිබියදී ඩීන් ජෝන්ස්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වූ කර්ට්ලි ඇම්බ්‍රෝස් හට පැවසුවේ තමන්ට පන්දු එවනවා නම් ඊට පෙර අත් පළඳනාව (wristband) ගළවා තබන ලෙස ය. එයින් පිතිකරුගේ අවධානය වෙනතකට යොමු විය හැකිය. කෙසේ නමුත් මෙයට ඇම්බ්‍රෝස් සතුටු නොවූ අතර, අවසානයේ එයින් සිදුවූයේ ඔහු විසින් ලකුණු 32කට කඩුළු 5 ක් දවාලීමයි. කෙසේ නමුත් ඩීන් ජෝන්ස් කිසිවිටෙකත් තමන්ගේ හැසිරීම් ගැන පසුතැවුණු බවක් නොපෙනුණේය. ඔහු සිටියේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තීරණයක ය.

ඔහු සිය වෘත්තීය ක්‍රිකට් දිවිය එංගලන්තයේදී අවසන් කළේය. 1992 වසරේ ඩර්හැම් හිදී ඔහු එසේ සිය ක්‍රිකට් දිවියේ ශරත් සෘතුව ගත කළේ ඉයන් බොතම් සමග යැයි කිව හැක. පසුව ඔහු ඩර්බිෂයර් ක්‍රිකට් පිලේ නායකත්වය දැරුවේය. 1997 වසරේදී එයින් ද ඉවත් විය.

1987 ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව විසින් එංගලන්තය පරාජය කිරීමෙන් පසුව ඩීන් ජෝන්ස් කඩුලක්ද අතැතිව සිය නායක ඇලන් බෝඩර් වැළඳගැනීමට සැරසී.. Photograph: Liu Heung Shing/AP

ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස

ඩීන් ජෝන්ස් හැමවිටම අභිමානවත් වික්ටෝරියානුවෙකු විය. පිටියේදී ජනකාන්ත පෞරුෂයක් ඔහු සතු විය. ඔහු දෘඩ මිනිසෙකු විය. බලාත්මක ලෙස සහ පැහැදිලි මනසකින් යුක්තව නිතර කතා කළේය.

ඒ යුගයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳ නොමැකෙන මතකයක් තැබූ ඔහු, අවසානයේ තමන් ප්‍රිය කළ ඉන්දියාවේදීම දෙනෙත් පියා ගත්තේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි