×

ඩුටර්ටේගේ දියණිය පිලිපීනයේ උප ජනාධිපති ලෙස දිවුරුම් දෙයි.

පිලිපීන මැතිවරණය  දිගු කලක සිටම ආධිපත්‍යය දරන්නේ එකම ලේ පරම්පරාවකට අයත් දේශපාලනඥයන් විසිනි. එය පසුගිය කාලය පුරාම දක්නට ලැබුණු සුලබ සිදුවීමකි.


පිලිපීන මැතිවරණය  දිගු කලක සිටම ආධිපත්‍යය දරන්නේ එකම ලේ පරම්පරාවකට අයත් දේශපාලනඥයන් විසිනි. එය පසුගිය කාලය පුරාම දක්නට ලැබුණු සුලබ සිදුවීමකි.

පිලිපීනයේ මත්ද්‍රව්‍ය සැකකරුවන් දහස් ගණනකට වෙඩි තබා මරා දැමූ රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන සාරි ඩුටර්ටේ අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් පසු උප ජනාධිපති ලෙස ඉරිදා දිවුරුම් දී තිබේ. ඇගේ වසර 6 ක ධුර කාලය ජුනි 30 වනදා නිල වශයෙන් ආරම්භ වේ. ඇය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව අමතා ප්‍රකාශ කරනු ලැබුවේ ඇය පිලිපීනයේ හෝ ලෝකයේ හොඳම හෝ බුද්ධිමත්ම පුද්ගලයා නොවන මුත් පිලිපීන ජාතිකයෙකු ලෙස පවතින හදවතේ දැඩිබව කිසිවෙකුට පරාජය කළ නොහැකි බවත් ය. සිය දියණියගේ ජයග්‍රහණය පිළිබඳ ඩුටර්ටේ ප්‍රකාශ කර සිටියේ මිලියන 32.2 පිලිපීන ජාතිකයන් මවුබිමට සේවය කිරීමේ පණිවිඩය මේ සමඟ ලබා දුන් බවයි.

ඩුටර්ටේ බලයට පත් වන්නේ කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයකිනි. ඩුටර්ටේ විසින් ගොඩනගාගනු ලැබූ රාජ වංශයේ මීළඟ උරුමකරු ලෙස සාරා ඩුටර්ටේ මෙලෙස බලයට පත්වේ. මත්ද්‍රව්‍ය ඝාතන මානව වර්ගයාට එරෙහි විය හැකි අපරාධයක් ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් විමර්ශනය කරයි. මෙලෙස පැවැතෙන පවුලකින්  උල ජනාධිලති පත්වීම වාමාංශික සහ මානව හිමිකම් කණ්ඩායම් තැතිගන්වා ඇත.

දිළිඳුකම, බිඳවැටුණු පවුල්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, හිරිහැර කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ වැරදි තොරතුරු ඇතුළු පිලිපීන දරුවන් මුහුණ දෙන දිගුකාලීන සමාජ රෝග ඇය උපුටා දැක්වූ අතර ඔවුන් තුළ අඛණ්ඩතාව, විනය, අන්‍යයන්ට ගරු කිරීම සහ අනුකම්පාව යන වටිනාකම් සාරා ඩුටර්ටේගේ මැතිවරණ ව්‍යාපාරයේ විය.

සාරාගේ ජයග්‍රහණයත් සමඟ ජනාධිපතිගේ එක් පුතෙකු වන සෙබස්තියන් ඩුටර්ටේ ඔහුගේ සොහොයුරියට පසුව ඩාවෝ නගරාධිපති ලෙස පත් වන අතර තවත් පුතෙකු වන පාවුලෝ ඩුටර්ටේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුන්ගනු ඇත. පිලිපීන මැතිවරණ දිගු කලක සිටම ආධිපත්‍යය දරන්නේ එකම ලේ පරම්පරාවකට අයත් දේශපාලනඥයන් විසිනි. අවම වශයෙන් දේශපාලන පවුල් 250ක් රට පුරා මෙලෙස අධිකාරී බලය ලබා ගැනීමට කටයුතු කරමින් ඇත.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි