×

ඩෙල්ටා ප්‍රභේදයේ ජාන විකෘති 3 ම හමුවූ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි

ජාන විකෘතිතා 3 ම සහිත ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් ව තිබේ.


මෙම ජාන විකෘතිතා තුන අතරින් A701S ලෙස නම් කර ඇති ජාන විකෘතිය ලෝකයේ කිසිදු රටකින් හමුවී නැති බවත් වාර්තා වේ.

මෙම විකෘතිතා 3ම සහිත ඩෙල්ටා ප්‍රභේදය බහුල ලෙස පැතිරී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව බව ද හෙළි වී තිබේ.

A1078S නමැති ජාන විකෘතිය දැනට ලෝකයේ හමු වී තිබෙන්නේ ද ශ්‍රී ලංකාව සහ මැලේසියාවෙන් පමණි.

මේ කරුණු ඊයේ හෙළි කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර විසිනි.

මෙම ජාන විකෘති මගින් වෛරසයට කොතරම් වාසියක් ලැබේද, එන්නත්කරණයේ සාර්ථකත්වයට එයින් අත්වන බලපෑම කුමක්ද සහ කෝවිඩ් සම්බන්ධයෙන් දැනට ස්වභාවිකව ලබාගෙන ඇති ප්‍රතිශක්තියට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් දැනට කිසිවක් නිශ්චිත ලෙස කිව නොහැකි බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේ ප්‍රකාශයට පත් වූ නිල දත්තවලට අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාවට ළඟා වෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි