×

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 85 ක් අඩපණ කරයි – ඉරානය පස් වැනි රැල්ල අබියස !

ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය ලොව පුරා වේගයෙන් පැතිරෙමින් තිබෙන්නේ දැනටමත් මිලියන 4 ක ජනතාවක් මරා දැමූ වසංගතය තවදුරටත් අසීරු කරමිනි.


දැනට ලෝකයේ රටවල් 85 කින් ඩෙල්ටා වේරියන්ට් හඳුනාගෙන ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙසට රටවල් ගණනාවක් හදිසි පියවර ගනිමින් නව කෝවිඩ් ප්‍ර භේදය මර්දනය කිරීමේ යෙදී සිටියි.

ඉරානය

ඉරානය පස්වැනි කෝවිඩ් රැල්ලට මුහුණ දීමට නියමිත බව වාර්තා වේ. මැදපෙරදිග අසීරුම තත්වය ඉරානයෙන් වාර්තා වේ.

‘‘රට පුරාම 5 වැනි කෝවිඩ් රැල්ල පැතිරෙන බවට බියක් ඇති වී තිබෙනවා.‘‘ යැයි ඉරාන ජනපති හසන් රුහානි ඉරානයේ කෝවිඩ් කාර්ය සාධක බලකාය හමුවේ පැවසීය.

මේ වන විටත් රටේ දකුණු දිග පෙදෙස්වල ඩෙල්ටා වේරියන්ට් පැතිරී තිබේ.

අප්‍රිකාව

පිට පිට 6 වැනි සතියටත් අප්‍රිකාවෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා කිරීමට ඩෙල්ටා වේරියන්ට් වගබලාගෙන තිබේ. අප්‍රිකානු රටවල් 38 ක මරණ ප්‍රතිශතය 15%කින් ඉහළ ගොස් තිබෙන්නේ මරණ 3000 ක් වාර්තා කරමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අප්‍රිකාව ඉදිරියේදී මුහුණ දෙන තත්වය වඩා අසීරු වීමට ඉඩ තිබේ.

‘‘අපි නියත වශයෙන්ම මේ 3 වැනි රැල්ල තුළ කුණාටුවේ කේන්ද්‍රය වෙත යමින් සිටිනවා..‘ යැයි බලධාරීහු පවසති.

ෆීජි දූපත්

 

2021 අප්‍රේල් මාසයේදී ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය හඳුනාගන්නා තෙක් ෆීජි දූපත්වලින් ‘ප්‍රජා මට්ටමෙන් පැතිරී යන කෝවිඩ් වසංගතයක්‘ වාර්තා වූයේ නැත.

නමුත් ඊයේ දිනයේ එරටින් වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මරණ 2 ක් ද ඒ අතර වේ.

ඉන්දුනීසියාව

ඉන්දුනීසියාව, මරණ 539 ක් සහ ආසදිතයන් 25,000 ක් එක් දිනක් තුළ වාර්තා වීමෙන් අනතුරුව රටෙන් කොටසක් නැවත ලොක්ඩවුන් තත්වයට පත් කළේය.

මාසයක් ඇතුළත ඉන්දුනීසියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4 ගුණයක් දක්වා වැඩි වී තිබේ. නව ආසාදනවලින් 80%ක් හටගෙන තිබෙන්නේ ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය නිසා ය.

‘‘මුලින් අපට කෝවිඩ් ආවේ ආගන්තුකයන්ගෙන්. ඒත් දැන් අපි දන්න හඳුනන බොහෝ දෙනෙක් ආසාදිතයො වෙලා..‘‘ යැයි ජකර්තා වැසියෙක් AFP පුවත් සේවය සමග පැවසීය.

රුසියාව

මීට පෙර ලිපියක දැක්වූ ආකාරයට රුසියාවේ සෙනසුරාදා දිනයේ මරණ 697 ක් වාර්තා වූයේ වසංගතයේ අසීරුම තත්වයක් උද්ගත ව ඇති බව පෙන්වා දෙමිනි. මෙය නව මරණ වාර්තාවක් ද වේ.

කියවන්න – රුසියාව කෝවිඩ් මරණවලින් වාර්තාවක් තබයි – ස්පුට්නික් එන්නතත් නතර වේවිද?

එන්නත් ලබානොගත් අය සහ එන්නත් බාගෙට ලබාගත් අයට අධි අවදානමක්

නවතම වාර්තාවලට අනුව ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය කිසිදු එන්නතක් ලබානොගත් අයට සහ එක් මාත්‍රාවක් පමණක් ලබානොගත් අයට අධි අවදානම් තත්වයක් ඇති කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි