×

ඩොලර් 1 කට ඉතාලියෙන් ගෙදරක්!

මේ නිවාඩු කාලයේ ඔබට ලබාගත හැකි හොඳම සහ ලාභම සුන්දර වින්දනය වනු ඇත්තේ ඉතාලියෙන් ඩොලර් 1 කට නිවසක් මිලදී ගැනීමයි.


යුරෝපයේදී කෝපි කෝප්පයක්වත් ඩොලර් 1කට ගත නොහැකි කාලයක ඉතාලියේ සුන්දර සිසිලි දිවයිනේ දී මෙය මෙසේ සිදුවන්නේ ලෝක ආර්ථිකය අඩපණ වී ඇති කාලයක ගම්බද සිසිලිය අජීවී වීම වළක්වාගැනීමේ ව්‍යාපාරික උපක්‍රමයක් ද ලෙස ය.

ව්‍යාපාරික සහකරුවන් වන Nicolò Bolla සහ Alessandro Barba විසින් යූරෝ 1 කට (එනම් ඩොලර් 1.20කට) මෙම නිවාස වෙන්දේසි කිරීම අරඹා තිබේ. ඒ වෙනුවෙන් ඔවුන් වෙනම වෙබ් අඩවියක් ද https://www.auctions2italy.com/ යනුවෙන් ආරම්භ කර ඇත. https://www.case1euro.it/ එවැනි තවත් වෙබ් අඩවියකි.

මේ සඳහා අවශ්‍ය විගමන සහාය ලබාදීමටත්, ඉතාලියේදී ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය නම් ඒසඳහා සහාය දීමටත් ඔවුන් වැඩපිළිවෙළක් සකස් කර ඇත. මේ ව්‍යාපාරික උපක්‍රමය ඔවුන් හඳුන්වන්නේ one-stop shop ක්‍රමයක් ලෙස ය.

මේ ව්‍යාපාරික යුවළෙන් එක් අයෙක් විගමන නීති ගැන විශේෂඥයෙක් වීමත්, අනෙකා ගිණුම්කරණ විශේෂඥයෙකු වීමත් නිසා සියල්ල එකම තැනකින්, එකම පැකේජයකින් ලබාගැනීමට ද ගැනුම්කරුවන්ට පුළුවන.

සිසිලියේ ඔවුන් විසින් තෝරාගෙන ඇති මේ කුඩා නගරවල ජීවත් වන්නේ එක් නගරයක 2000 බැගින් තරම් සුළු ජනගහනයකි. නමුත් මේ තත්වය ඉදිරියේදී ඉක්මනින්ම වෙනස් වනු ඇත.

ඔවුන් අවධාරණය කරන්නේ ඉතාලියේම ග්‍රාමීය පළාතක් වන ටක්සනි වෙතින් පවා මේ මුදලට නිවසක් මිලදී ගත නොහැකි බවයි. අඩුම මිල ඩොලර් 1 වන අතර, ඊට වඩා සැපපහසුකම් අවශ්‍ය වන්නේ නම් යූරෝ 3,000-10,000 දක්වා මිල ගණන්වලට නිවාස තිබේ. මෙය නිවාස වෙන්දේසියක් වන නමුත්, අවසාන මිලට වඩා වැඩි මිලක් කොහෙත්ම ඔබ විසින් ගෙවිය යුතු නොවේ.

නමුත් ඇතැම් නිවාසවලට පිළිසකර කිරීම් අවශ්‍ය බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ අතර, ඉතාලියෙන් දුර බැහැර ගැනුම්කරුවන්ට 70%ක බදු සහනයක් පළමු වසර 5 සඳහා රජය විසින් සපයා ඇති නිසා විදේශීය ගැනුම්කරුවන් ව ඔවුහු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙති. දකුණු දිග ඉතාලියෙන් නිවසක් මිලදී ගන්නේ නම් මේ ක්‍රමය යටතේ එහිදී 90%ක බදු සහනයක් ලැබෙනු ඇත. ඔබ විශ්‍රාමිකයෙක් නම් විදේශීය ආදායමෙන් 7%ක් පමණක් පළමු වසර 10 සඳහා ගෙවීමට ද ඔබට පුළුවන.

මුළු ලෝකයේම දේපළ වෙළඳාම අසාධාරණ මිල ගණන් යටතේ ඉහළ යමින් සිටියදී මේ නව ප්‍රවණතාවය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වනු නිසැක ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි