×

ඩොලර් 41000 ක් වංචාවක් නිසා ඉල්ලා අස්වෙන්න කැනේඩියානු මුදල් ඇමතිට පිස්සුද ?

කැනේඩියානු මුදල් අමාත්‍ය බිල් මෝර්නෝ මහතා සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ඔහුට එල්ල වූ මුල්‍ය වංචා චෝදනාවක් හේතුවෙනි.


කැනේඩියානු මුදල් අමාත්‍ය බිල් මෝර්නෝ මහතා සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ඔහුට එල්ල වූ මුල්‍ය වංචා චෝදනාවක් හේතුවෙනි.

ඔහුට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ ඩබ්.ඊ. නමැති පුණ්‍යායතනයකට ලැබුණු මුදල් තමාගේ විදෙස් සංචාර සඳහා භාවිතා කිරීමයි. අදාල පුණ්‍යායතනයේ කටයුතු නිරීක්ෂණ සඳහා ඔහු විදෙස්ගතව ඇති අතර ඒ සඳහා වැයකර ඇත්තේ පුණ්‍යායතනය සතු මුදල්ය. එම මුදල, බිල් මෝර්නෝ මහතා විසින් පියවිය යුතු වුවත් එය සිදු කිරීමට ඔහුට අතපසු වී තිබේ.

මෙම සිද්ධිය හෙලිදරව් වීමත් සමග මෝර්නෝ මහතා කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මහතා හමු වී සිය ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳව දැනුම් දී තිබේ. ‍කෙසේ වෙතත් ඔහු තවදුරටත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති අතර, මීලඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තිබූ බලාපොරොත්තුවද අතහැරි බවයි ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල දේශපාලනඥයන් සෘජුවම මහජන මුදල් මිලියන ගණන් බිලියන ගණන් වංචා කරන, තමන්ගේ සුඛවිහරණය සඳහා භාවිතා කරන යුගයක සංවර්ධිත රටවල සිටින මෙවැනි දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ ඔවුන් ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද ඉතා ඉහළ සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බවයි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි