×

තමිල්නාඩුව අප්‍රේල් 30 දක්වා ලොක්ඩවුන් තත්වය දීර්ඝ කරයි

මේ වන විට ඉන්දියාවෙන් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන තමිල්නාඩු ප්‍රාන්තය, අප්‍රේල් 30 දක්වා සිය ලොක්ඩවුන් තත්වය දීර්ඝ කිරීමට අද දිනයේ තීරණය කළේය.


මේ වන විට ඉන්දියාව සති 3 ක ලොක්ඩවුන් කාල පරිච්ඡේදය පසු කරමින් සිටියි.

මෙයට දිනකට පෙර ඔඩිස්සා ප්‍රාන්තයේ ද ලොක්ඩවුන් තත්වය අප්‍රේල් 30 දිනය දක්වා දීර්ඝ කරන ලදී.

රටෙහි උද්ගත වී ඇති නවතම තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 14 වැනිදා ජාතිය ඇමතීමට නියමිත ය.

ඉන්දියාවේ 9,000 ක පිරිසක් ආසාදිතයන් බවට පත්ව ඇති අතර, 1000 කට අධික පිරිසක් රෝගයෙන් සුවය ලබා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි