×

තරුණ කලාකරුවකු විසින් ළමුන් 19ක් හා වැඩිහිටියන් දෙදෙනකු මරා දැමූ ටෙක්සාස් හි වෙඩි තැබීම

උවල්ඩේ රොබ් ප්‍රාථමික පාසල ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ළමුන් 19 දෙනෙකු සමඟ ගුරුවරුන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.


පුද්ගලයන් 21 දෙනෙකුට මරු කැඳවූ ටෙක්සාස් හි උවාල්ඩේ පාසලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ටෙක්සාස් හවුස් විමර්ශන කමිටුව විසින් කරන ලද විමර්ශන වාර්තාව ඊයේ දින (17) ප්‍රකාශයට පත් විය.

පද්ධතිමය අසාර්ථකත්වයන් සහ අතිශයින් දුර්වල තීරණ ගැනීම හේතුවෙන් සිදු වුවක් බවට වාර්තා කෙරේ.

අදාළ වෙඩි තැබීම සිදු වන විට නිලධාරීන් 400කට ආසන්න පිරිසක් එම ස්ථානයට දිව ගිය නමුත් ප්‍රහාරකයා සමඟ ගැටීමට පොලිසිය පැයකට අධික කාලයක් බලා සිටීමට ඔවුන්ට සිදු වී ඇත. සිදුවීම හා සම්බන්ධ CCTV දර්ශන වල විනාඩි 77ක පමන කාලයක් තුවක්කුකරු වෙත ළඟා වීමට නිලධාරීන්ට බලා සිටීමට සිදුවනු දක්නට ලැබේ.

මෙම ප්‍රහාරය පසුගිය මැයි මස 24වන දින සිදු විය. වයස අවුරුදු 18ක් වයසැති වෙඩික්කරු තරුණ කලා කරුවක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඔහු උවල්ඩේ රොබ් ප්‍රාථමික පාසල ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ළමුන් 19 දෙනෙකු සමඟ ගුරුවරුන් දෙදෙනෙකු මරා දමනු ලැබීය. මෙම සිදුවීමට අදාළ පශ්චාත් විමර්ශන කටයුත් වලදී පාසලේ ආරක්ෂක පද්ධතියේ පැවැති දුර්වලතාවයත් අපරාධකරුට ප්‍රවේශ විය හැකි අනාරක්ෂිත මාර්ග රැසක් පාසල තුළ පැවතීමත් ප්‍රහාරයට හේතු වශයෙන් හඳුනා ගෙන ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි