×

තලෙයිබාන් නව රජයේ නව වැඩබලන අගමැතිවරයා වශයෙන් මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් පත් කෙරේ

තලේබාන් පාලනයට එරෙහිව විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර පසුගියදා නිවේදනය නිකුත් කෙරුණේ බටහිර හෙරත් නගරයේ අඟහරුවාදා සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගිය බවයි. 1996 සිට 2001 දක්වා බලයේ සිටි පළමු වකවානුවේදී ඔවුන්ගේ පීඩාකාරී පාලනය හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ.


තලෙයිබාන් නව රජය අන්තර්වාර රජයක් වන අතර එහි නව වැඩබලන අගමැතිවරයා වශයෙන් සංවිධානයේ ප්‍රවීණ නිලධාරී මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් කටයුතු කරන බව ප්‍රධාන ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් මාධ්‍ය හමුවකදී පැවසීය.ඔහු තලේබාන් සංවිධානයේ පැරණි පාලනය යටතේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ කළු ලැයිස්තුවේ සිටී.

තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ අබ්දුල් ගානි බරදාර් උප නායකයා වන බව ද මුජාහිඩ් පැවසීය. මීට පෙර ඔහු සිය ව්යාපාරයේ දේශපාලන කාර්යාලයේ ප්රධානියා ලෙස කටයුතු කළ අතර 2020 දී එක්සත් ජනපදය ඉවත් කර ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම අධීක්ෂණය කළේය.

තලේබාන් නිර්මාතෘ සහ දිවංගත උත්තරීතර නායක මුල්ලා ඕමාර්ගේ පුත්‍රයා වන මුල්ලා යාකූබ් ආරක්ෂක ඇමති ලෙස නම් කරන ලද අතර, අභ්යන්තර කටයුතු අමාත්ය ධුරය තාලිබාන් නියෝජ්තයෙකු වන හකානි ජාලයේ ප්‍රධානී සිරාජුදීන් හකානි වෙත පිරිනමන ලදි.

නව පෙළගැස්ම ප්‍රකාශයට පත් කිරීමෙන් සුලු මොහොතකට පසු, තලේබාන් සංවිධානයේ රහසිගත උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා සිය ව්‍යාපාරය විසින් ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමෙන් පසු සිය පළමු ප්‍රකාශය කළේ නව රජය “ඉස්ලාමීය නීති හා ෂරියා නීතිය රැක ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන බව” ය.

තලේබාන් පාලනයට එරෙහිව විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර පසුගියදා නිවේදනය නිකුත් කෙරුණේ බටහිර හෙරත් නගරයේ අඟහරුවාදා සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගිය බවයි. 1996 සිට 2001 දක්වා බලයේ සිටි පළමු වකවානුවේදී ඔවුන්ගේ පීඩාකාරී පාලනය හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි