×

තලෙයිබාන් සංවිධානයට හිස එසවීමට ඉඩ දෙමින් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු භටයන්ගෙන් භාගයක් සිය රට කැඳවයි !

ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමරිකානු භටයන්ගෙන් භාගයක් සිය රට කැඳවීමට සැලසුම් කරන බව වාර්තා වේ.


ජනවාරි 20 දින බයිඩන් දිවුරුම් දීමට පෙර මෙය ක්‍රියාවට නැංවීමට ට්‍රම්ප් අරමුණු කරයි.

ඇමරිකානු විශේෂඥයන් පවසන ආකාරයට ඇෆ්ගනිස්ථානයේ දැනට රඳවා තිබෙන 4,500 ක් වන ඇමරිකානු භට ඛණ්ඩය, 2500 දක්වා මේ අනුව අඩු වනු ඇත.

රිපබ්ලිකන් නායක මිච් මැකොනෙල් (Mitch McConnell) පවසන්නේ කඩිමුඩියේ මෙසේ භටයන් ඉවත් කර ගැනීම මගින් ‘‘අපට සහයෝගය දක්වන්නන් අපහසුතාවයටත්, අපේ සතුරන් ප්‍රීතියටත් පත් වනු ඇති‘‘ බවයි.

‘‘මේ අපරිණත භටයන් ඉවත් කරගැනීම මගින්, බරාක් ඔබාමා විසින් 2011 වසරේදී ඉරාකයෙන් ඇමරිකානු භටයන් ඉවත් කරගැනීම නිසා සිදුවු හානියටත් වඩා විශාල හානියක් සිදු වේවි. Isis සංවිධානයේ නැගීම සහ ගෝලීය ත්‍රස්තවාදයේ නව වටයක් ඇරඹුණේ එයින් පසුවයි..‘‘ යැයි ද මිච් මැකොනෙල් තවදුරටත් පවසයි.

ඉරාකයේ සිටින ඇමරිකානු භටයන් 500 දෙනෙක් සිය රට කැඳවීමට ද ට්‍රම්ප් කටයුතු කරමින් සිටියි.

ට්‍රම්ප් පරිපාලනය විසින් දෝහා කටාර් හිදී එළඹ ඇති එකඟතාවයකට අනුව මෙම භටයන් ඉවත් කර ගැනීමට නියමිත ව තිබුණේ 2020 පෙබරවාරි මාසයේදී ය. තවද ට්‍රම්ප් මෙම අපරිණත ඉවත් කර ගැනීමේදී කිසිදු කොන්දේසියක් නොපනවන බව ද වාර්තා වේ. මෙම ගිවිසුමේ පැවති කොන්දේසි අනුව තලෙයිබාන්වරුන් වෙත ඇමරිකානු පාලනය යටතේ පැවති කොටස් භාරදීමට ද නියමිත ව තිබිණි.

මේ අනුව මෙම අවස්ථාවේදී ඇමරිකානු හමුදාව හදිසියේම ඉවත් වීම, තලෙයිබාන් සංවිධානයේ විශාල ජයග්‍රහණයක් බවට පත්වනු ඇත.

මෙම ඉවත්වීම කොන්දේසි විරහිත එකක් බවට අත්තනෝමතික ව පත් කර ඇති නිසාම, තලෙයිබාන් සටන් නතර නොවනු ඇති අතර, ඔවුන් වඩ වඩාත් උද්‍යෝගිමත් සහ ජයග්‍රාහි ලෙස සිය ආක්‍රමණයන් සිදුකරනු ඇත.

මෙමගින් ට්‍රම්ප්, ‘‘තලෙයිබාන්වරුන්ගේ අරමුණ වන ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීම පවා‘ අනුමත කර ඇති බව ඇෆ්ගනිස්ථානයේ හිටපු යුරෝපා සංගම් නියෝජිත සහ දැන් බෙල්ෆාස්ට් හි ක්වීන්ස් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මයිකල් සෙම්පල් පවසයි.

මුලාශ්‍රය – The Guardian – Trump reportedly plans to withdraw nearly half of US troops in Afghanistan

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි