×

තස්මේනියානු මුහුදු තීරයේ සිරවූ තල්මසුන් 400 අතරින් 100කට වඩා දැනටමත් මිය ගිහින්!

හාරසියයකට අධික තල්මස්සු ටැස්මේනියාවේ බටහිර මුහුදු තීරයේ සිර ව සිටියි. එය මේ ඔස්ට්‍රේලියානු දිවයින අත්දුටු විශාලතම සතුන් සිර වී සිටීමේ සිද්ධිය යි.


ලෝක ඉතිහාසය තුළ ද එය දැවැන්තම ඛේදවාචකයක් ලෙස පවතිනු ඇත්තේ මේ වන විට එම තල්මසුන්ගෙන් සිය ගණනක් මරණයට ද පත්ව ඇති හෙයිනි.

තවමත් ජීවත් ව සිටින තල්මසුන් මුදා ගැනීමේ පරිශ්‍රම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ සතියේ මුල, තල්මසුන් 270ක් වැලි කදු අතර සහ ටැස්මේනියාවේ මැක්වයරී වරාය වටා පිහිටි ස්ට්‍රැහාන් නගරයේ වෙරළ තීරයේ සිර වී සිටිනු සොයාගනු ලැබිණ. තවමත් ජීවත් ව සිටින තල්මසුන් නැවතත් ගැඹුරු මුහුද වෙත යොමු කිරීමේ පරිශ්‍රම ක්‍රියාත්මක වන අතරතුර ගුවන් දර්ශන තවත් බියජනක සංසිද්ධියක් ඈතක නොවන බව පෙන්වයි.

අධිනිරීක්ෂකවරුන් පෙන්වා දෙන අන්දමට තවත් තල්මසුන් 200ක් පමණ සැතපුම් 4.3 සිට 6.2ක (කි.මි. 7-10) සීමාවකින් එපිට මැක්වයරී වරායේ සිට දකුණු දෙසින් සිර වී සිටියි. ටැස්මේනියානු රජයේ ප්‍රාථමික කර්මාන්ත, උද්‍යාන, ජලය සහ පරිසරය සම්බන්ධ දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙය සිර වී සිටින තල්මසුන් ගණන 470කට ඉහළ දමයි.

“ගුවනින් පෙනෙන ආකාරයට බොහෝ තල්මසුන් මිය ගොසින්. එහෙත් ජලයේ සිට තක්සේරුවක් කරන්නට බෝට්ටුවක් මේ වන විට එහි යවා තිබෙනවා.” තත්තව පාලක සහ උද්‍යාන සහ වනජීවි සේවා ප්‍රාදේශීය කලමනාකරු වන නික් ඩෙකා ප්‍රකාශ කරයි. මසුන් මරන්නකු ද ඇතුළුව මුදාගන්නන් රැසක් කඹ භාවිතයෙන් තල්මසුන් මුහුද දෙසට ඇදීමේ නිරතව සිටින බව සඳහන් වේ.

මෙම ඛේදවාචකයකට මුහුණ දුන් සියලුම තල්මසුන් දිගු වරල් සහිත පයිලට් වර්ගයේ තල්මසුන් (long-finned pilot whales) වීම ද විශේෂත්වයකි.

මේ වන විට මුදාගන්නන් විසින් තල්මසුන් 50 පමණ රැක ගෙන ඇති අතර තවමත් ජීවත්වන තල්මසුන් 30 දෙනකු රැක ගැනීමේ නිරතව සිටින බව කියැවේ. එහෙත් විශාල රළ හේතුවෙන් ඔවුන් ගේ මුදා ගැනීමේ පරිශ්‍රම අඩාල වී ඇත්තේ රළ මගින් තල්මසුන් නැවත වෙරළ වෙත තල්ලු වන හෙයිනි. “අපේ අවධානය යොමුව ඇත්තේ තවමත් ජීවත්ව සිටින සතුන් වෙත යි” ඩෙකා කියයි. “මරණ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතත්, තවමත් තල්මසුන් විශාල ප්‍රමාණයක් ජිවත්ව සිටිනවා. අප තවදුරටත් ඔවුන් බේරා ගන්නට කටයුතු කරනවා”

මේ සිරවීමට පෙර, මෙයට සමාන සිද්ධියක් පිළිබඳ ද ටස්මේනියාවෙන් වාර්තාවිය. ඒ 1935 වසරේදී වාර්තා වූ තල්මසුන් 270ක් වෙරළ පෙනෙන මානයේ සිරවීමේ සිද්ධියයි.

Photos: AFP/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි