×

තායිලන්තයට බල පෑ අයහපත් කාලගුණික ත​ත්වය

2011 දී එරට අගනුවර ගංවතුරෙන් පීඩා විඳි අතර එමඟින් නගරයේ පහෙන් එකක් ජලයෙන් යට වි ඇත.


පසුගිය දින කිහිපය තුල, තායිලන්තයට බල පෑ අයහපත් කාලගුණික තතවය මත, නගර රැසක් ජලයෙන් යට වි තිබේ. මේ වන විට තතවය තරමක් දුරට පහව ගොස් ඇති අතර, ජල මට්ටම මුලු මනින්ම පහව ගොස නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ක්ෂණිකව හටගත් ඩයැන්මු නිවර්තන කුණාටුවෙන් පසු පළාත් 31 කට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර නිවාස 215,000 කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යට වී ඇතැයි තායිලන්ත බලධාරීන් පවසයි.

150 km දකුණින්, පිහිටි බැංකොක් අගනුවර ආපදා බට පරිස් මේ පිලිබඳ දැඩි අවදනයකින් පසුවේ.

ලොප්බුරිහි කාලගුණ කාර්යාංශයේ ප්‍රධානී නෝරාවට් තිප්රැක්ස් පැවසුවේ ගංවතුර මීටර් දෙකක උච්චතම අවස්ථාව වූ අතර එය අඩු වීමට අවම වශයෙන් සති දෙකක්වත් ගත වන බවයි.ජලාශ වේලි වලින් ජලය ඉහළට මුදා හැරීමත් සමඟ බැංකොක් හරහා දිවෙන චාවෝ ෆ්‍රයා ගඟේ ජල මට්ටම උතුරෙන් කි.මී 400 ක් පමණ ඈතින් ඉහළ යමින් පවති.

2011 දී එරට අගනුවර ගංවතුරෙන් පීඩා විඳි අතර එමඟින් නගරයේ පහෙන් එකක් ජලයෙන් යට වි ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි