×

තායිලන්තයේ කංසා වෙළඳාම නීතිගත වේ. මත්ද්‍රව්‍යයක් වශයෙන් භාවිතය තවදුරටත් තහනම්.

මත්ද්‍රව්‍ය නීති සඳහා ප්‍රසිද්ධ කලාපයක් වන අග්නිදිග ආසියාවේ තායිලන්තය තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කර ඇත. එම කලාපයේ මෙවැනි තීරණයක් ගත් ප්‍රථම රට තායිලන්තයයි. වසර පුරා නිවර්තන දේශගුණයක් පවතින තායිලන්තයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ කංසා භාවිත කිරීම පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත. කංසා තහනම ඉවත් කිරීම ඵලදායී තීරණයක් බව විචාරකයන් පවසන අතර තවමත් රටතුළ විනෝදාත්මක භාවිතය […]


මත්ද්‍රව්‍ය නීති සඳහා ප්‍රසිද්ධ කලාපයක් වන අග්නිදිග ආසියාවේ තායිලන්තය තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කර ඇත. එම කලාපයේ මෙවැනි තීරණයක් ගත් ප්‍රථම රට තායිලන්තයයි.

වසර පුරා නිවර්තන දේශගුණයක් පවතින තායිලන්තයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ කංසා භාවිත කිරීම පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත.

කංසා තහනම ඉවත් කිරීම ඵලදායී තීරණයක් බව විචාරකයන් පවසන අතර තවමත් රටතුළ විනෝදාත්මක භාවිතය නීතියෙන් තහනම්ය. තායිලන්ත රජය මෙම තහනම ඉවත් කිරීමෙන් සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා කෘෂි කර්මාන්තයේ සංවර්ධනය අපේක්ෂා කෙරේ. සැබැවින්ම මෙය ඩොලර් බිලියන ගණනක් ලාභ ලැබිය හැකි කර්මාන්තයක් බව කියැවේ. රජය මේ වෙනුවෙන් පුද්ගලයන් වෙත කංසා පැල මිලියනයක් පමණ ලබා දී ඇත. මෙමගින් තායිලන්ත වැසියන්ට සිය ගෙවත්තෙහි අපනයන බොගයක් වශයෙන් වගා කර මුදල් ඉපයීමේ අවස්ථාව හිමි වේ.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය Anutin Charnvirakul සිය සමාජ ගිණුම්වල පවසා තිබුණේ කංසා වලින් මිනිසුන්ට හා රජයට මුදල් උපයා ගැනීමට මෙමගින් අවස්ථාවක් සැලසෙන බවයි. එමෙන් ම ඔහු මෙහිදී කංසා සමඟ පිසින ලද කුකුළු මස් පිගානක ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි එකතු කර තිබිණි. මේ අනුව භොජන හා බීම ඇණවුම් කරන්නන්ට කංසා මිශ්‍රිත කෑම බීම ඇනවුම් කිරීමේ හැකියාව පවතියි. එනමුත් Hallucinogenic (THC) හි 0.2% ට වඩා අඩංගු ඕනෑම නිෂ්පාදනයක් විකිණීම හෝ සැපයීම තවමත් නීති විරෝධී ය.

මේ වන විට මහාපරිමාණ සමාගම් වලට බලපත්‍ර සහිතව කංසා වගා කළ හැකිය. සාමාන්‍ය පුරවැසියන් බලධාරීන් සමඟ ලියාපදිංචි වන්නේ නම් නිවසේ පෝච්චිවල පැය හයක් දක්වා වගා කිරීමේ හැකියාව පවතියි. පෞද්ගලික භාවිතය පිළිබඳ ඇති තහනම තව දුරටත් එලෙසම පවතින අතර ප්‍රසිද්ධියේ දුම්පානයට එරෙහිව නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ එය මහජන පීඩාවක් ලෙස සලකාය. මෙහිදී වරදකරුවන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ද පවතියි.

මේ වන විට කංසා පාලනය පිළිබඳ පුළුල් නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතියි. ඉදිරියේදි නීති රීතිවල ලිහිල් වීමක් ඇතිවිය හැකි බව නීතිඥයින් ප්‍රකාශ කර තිබේ.

මෙම සැලසුම් යටතේ කංසා ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් නීතියෙන් වරදකරුවන් වූ සිරකරුවන් 4000 පමණ නිදහස් කිරීමට තායිලන්ත රජය අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි